ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිතය.
අදාළ දින ඇතුළත් ගැසට් නිවේදනය අද (18) රාත්‍රීයේ නිකුත් කරන බව දැනගන්නට ඇත. ලබන 20 වැනිදා මෙම දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද අද රැස්වූ කොමිසම මෙම දිනයන් අද මධ්‍යම රාත්‍රියේදීම ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර ඇත.