NSBM හරිත සරසවියේ අලෙවිකරණ සහ සංචාරක කළමනාකරණ අධ්‍යනාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන විලාසිත සංදර්ශනයේ මේ වසරේ දිගහැරුම වන Finora 2025 හි නිල මාධ්‍ය සාකච්ඡාව සහ ආදි ශිෂ්‍ය හමුව වන “Elevate” 2025 ඔක්තෝබර් 2 වන දින සවස 5:00 සිට NSBM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එළැඹෙන ඔක්තෝබර් 9 වැනි දින පැවැත්වීමට නියමිත Finora 2025 හි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ වත්මන් සිසුන්, ආදි ශිෂ්‍යයන් මෙන්ම අනුග්‍රාහකයින්, විවිධ ආයතන නියෝජිතයින් සහ මාධ්‍ය නියෝජිතයින් එක්ව සිටියහ.Sri Lanka Latest News
හරිත සරසවියේ සංවිධානය වන වඩාත් කැපී පෙනෙන අංගයක් වන Finora විලාසිතා සංදර්ශනය, විලාසිතා දැක්මකින් සහ නිරූපණ තරඟයකින් ඔබ්බට යමින් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවෝත්පාදන හැකියා, කලාත්මක ප්‍රකාශනය සහ සංස්කෘතික ලැදියාව පෙන්වීමට අවස්ථාව සලසයි. ඒ හරහා සිසුන්ට නව නිර්මාණකරුවන්, නිරූපන ශිල්පින්, විලාසිතා නිර්මාණ ශිල්පින් ලෙස ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට විචිත්‍රවත් වේදිකාවක් නිර්මාණය කරයි.
ඒ අනුව Elevate හරහා Finora 2025 පිළිබඳ පණිවුඩය මානව එළිදරවු කරන ලදී. ඒ අනුව මෙම අවස්ථාවේදී Finora 2025 නිල වශයෙන් දියත් කරමින් එහි මෙම වසරේ තේමාව, සංකල්පය සහ දැක්ම එළිදැක්වීම සිදුවිය. එසේම Finora 2025 හි අනුග්‍රාහකයන් වන මන්චි බ්ලැක් එඩිෂන්- (Munchee Black Edition), යාඩියා (Yadea), මීඩියා ෆැක්ටරි (Media Factory), බැරිස්ටා (Barista), සන්ෂයින් හෝල්ඩින්ග්ස් (Sunshine Holdings), වික්‍රමාරච්චි (Wickramaarachchi Opticians), ජැනට් (Janet Sri Lanka), එස්පීසී (SPC), කාගෝ(Cargo boat company), එක්ස්ක්ලූසිව් මැණික් හා ආභරණ (Exclusive Nine Gem & Jewelry), අයිස් ප්ලාන්ට් (Ice plant Madampe), නැචුරල්ස් (Naturals) සහ දෙරණ (Derana) මාධ්‍ය ආයතනය හදුන්වදීමද මෙහිදී සිදු විය.
අවසන් වටය සඳහා තේරීපත්වූ විලාසිතා නිර්මාණ කරුවන් සහ නිරූපණ ශිල්පීන් හදුන්වාදීම මෙන්ම අලෙවිකරණ සහ සංචාරක කළමනාකරණ අධ්‍යනාංශයේ වාර්ෂික සඟරාව එළි දැක්වීමද සිදු කෙරිණි. වත්මන් සිසුන් ආදී සිසුන් සහ කර්මාන්ත නියෝජිතයන් සම්බන්ධ කරමින් විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. මෙයට LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි අලෙවිකරණ සන්නිවේදන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සචින් වීරසූරිය, සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි සිදුවීම් සැලසුම් කළමනාකාරිනී සයුරි මෙලිසා කරුණාතිලක, හේලීස් පීඑල්සී හි විධායක ආයතනික සන්නිවේදන ඒකකයේ යසෝජ් ලොකුලියාන, මනුර ඩිසයින් ස්ටුඩියෝවේ සම-නිර්මාතෘ මනුර අල්විස් වැනි අධ්‍යනාංශයේ ආදි ශිෂ්‍යයින් සහභාගී විය.
මීට සමගාමීව පැවැත්වූ ආදි ශිෂ්‍ය හමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කර මේ වනවිට විවිධ වෘත්තීය මාවත්වල ගමන්ගන්නා අලෙවිකරණ සහ සංචාරක කළමනාකරණ උපාධිධාරීන් ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම්, ගමන්මග සහ වටිනා අදහස් වත්මන් සිසුන් සමඟ බෙදා ගැනීමට අවස්ථාවක් කර ගත්තේය.



වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සම්බන්ධ වන්න:
නිලුකා නිවුන්හැල්ල – උප සභාපති+94727379568











