2020 පෙබරවාරි මස 6 වැනි දින කොළඹ නිපෝන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියේ 20 වැනි අදියර දියත් කරන බව DSI සමාගම විසින් නිවේදනය කරන ලදී.
DSI සමාගම විසින් 1991 වසරේ සිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ශූරතා තරගාවලියේ අරමුණු බවට පත්ව ඇත්තේ නගරබද හා ග්‍රාමීය වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාදීම හා අවශ්‍ය සහයෝගය ලබාදීමත්, ඔවුන්ට සිය කුසලතා පෙන්වමින් ජාතික හා ජාත්‍යන්තර පිටිය තුළ තවදුරටත් ඉදිරියට යෑමට අවස්ථාව සලසාදෙන ජාතික මට්ටමේ වේදිකාවක් ගොඩනැඟීමත්ය. මෙම පාසල් වොලිබෝල් ශූරතා තරගාවලිය ආරම්භ කිරීම මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40කට ආසන්න සංඛ්‍යාවක් ජාතික තලයට දායාද වී තිබේ.











