හමුවීමක් සදහා වෙලාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා හරහා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව ලබන අගහරුවාදා (18) මෙම හමුව පැවැත්වීමට අගමැතිවරයා වේලාව ලබා දී තිබේ.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත මෙම හමුවට මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර ශ්‍රිලනිපය නියෝජනය කරමින්ද, මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් පොහොට්ටුව නියෝජනය කරමින්ද සහභාගී වීමට නියමිතය.
ඉදිරි මහමැතිවරණයේදී එක්ව තරග වැදීම පිළිබද මෙහිදී ඉතා තීරණාත්මක සාකච්ජා වටයත් පැවැත්වෙනු ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් පොහොට්ටුවේ බොහෝ දෙනා දැනටමත් ප්‍රසිද්ධියේම කියා සිටින්නේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව මහමැතිවරණයේදී සන්ධානගත නොවිය යුතු බවත්, ශ්‍රීලනිපය තනිව තරග වැදී පසුව පාර්ලිමේන්තුවේදී එක්ව කටයුතු කළ යුතු බවත්ය.
ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙන්නේ පළමු වතාවටය.










