මේ වනවිට බැංකු ක්ෂේත්‍රය තුළ පවතින නවතම ප්‍රවණතාවන් සහ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් නිවැරදිව හඳුනා ගනිමින්, ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව, DFCC බැංකුවේ වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා, කල්පිරීමේදී පොලිය ගෙවීමේ පදනම මත, 30%ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වේ. මෙමගින් ස්ථාවර තැන්පතු වල මුදල් තැන්පත් කරන්නන්ට, වසර 5ක් තුළ තම ආයෝජනය 2.5 ගුණයකින් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර, මාස්පතා පොලිය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට පවා 20%ක වාර්ෂික පොලී අනුපාතයක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මීට අමතරව DFCC බැංකුව තවත් කෙටිකාලීන, එහෙත් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ස්ථාවර තැන්පතු එකතුවක්ද හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා පිළිවෙළින් 22%. 22.5% සහ 23% ක වාර්ෂික පොලී අනුපාතයන් හිමි වේ. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, වඩාත් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් තම මුදල් DFCC ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන මෙන් DFCC බැංකුව මෙරට ජනතාවට ආරාධනය කර සිටී. DFCC බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණීමෙන් හෝ, බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් ස්ථාවර තැන්පතු ආරම්භ කළ හැකි වේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112 350000 අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක DFCC බැංකුවේ පාරිභෝගික සේවා අංශය වෙතින් ලබාගත හැක.