රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සිය සහයෝගයේ තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සහ එහි තාක්ෂණික හවුල්කරු වන වේව්නෙට් පුද්ගලික සමාගම එක්ව, කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය වෙනුවෙන් රෝගී ඇඳන් කළමනාකරණ විසඳුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලදී.
මේ මගින් රෝගීන්ව කාර්යක්ෂමව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර, ඔවුන්ව ඉතා කෙටි කාලසීමාවක් තුළ රෝහල්වලට ඇතුළත් කරගැනීමට හැකිවනු ඇත.
මෙම සුවිශේෂ විසඳුම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන රජයේ සහ පෞද්ගලික කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල කාලීන හා මධ්‍යගත වූ ඇඳන් කළමනාකරණ පද්ධතියක් ඇති කරනු ලබයි. මේ හරහා ඇඳක් තවත් රෝගියකු හට ලබාදීමේ කාලය සහ ඇඳක් වෙනුවෙන් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කළ හැකි අතර, රෝගීන් වෙනුවෙන් ඇඳන් ඉඩපහසුව තිබේද යන්න පරීක්ෂා කිරීමට කාලය මිඩංගු කරනු වෙනුවට, එකී ඉතිරිවන කාලය යොදාගනිමින් රෝගීන්ගේ ප්‍රතිකාර කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ කාර්යයක්ෂමතාව ඉහළ නැංවිය හැක.











