ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ.
ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග්‍රහණය කළ පිට පිටම තුන්වන අවස්ථාව මෙය වේ. කොමර්ෂල් බැංකුව විසින් 2020 සහ 2021 වසර වලදී පිළිවෙලින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සම්බන්ධ හොඳම බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සම්බන්ධව හොඳම බැංකුව’ යන සම්මාන දිනා ගන්නා ලදී.











