ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ webinar වැඩසටහනක් පවත්වන ලදී.
විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයන් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය තුළින් සිදුකරන ලදී. මෙයට 500කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩසටහනේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට සපුරාලිය යුතු අවශ්‍යතා සහ ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතා, මෙම අංශය වෙනුවෙන් රජය සිදුකරමින් තිබෙන වැඩසටහන්, අපනයනය පිළිබඳ තොරතුරු සහ අපනයනකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ලබාදී තිබෙන පහසුකම් පිළිබඳ දැනුවත් කළේය.











