කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප්‍රදානය කර තිබේ.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් විසින් ක්‍රියාකාරීත්වය, පහසුව සහ සුරක්ෂිතතාව වර්ධනය කරමින් ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම දියුණු කිරීම සඳහා කළ සේවාව ඇගයීමට ලක්කර ඇත.
කොම්බෑන්ක් ඩිජිටල්හි, තිබෙන පුද්ගලික ණය අයදුම් කිරීමේ අංශය මගින් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ පුද්ගලික ණයක් ඉල්ලා සිටීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ.
මෙහිදී, කඩදාසි භාවිතයෙන් තොරව පරිසරහිතකාමී ලෙස අදාළ ලියකියවිලි සියල්ල ඉතාමත් පහසුවෙන් ලබාගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බව බැංකුව සඳහන් කරයි.