දිවයින පුරා පාසල් 10,194 ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයි
ශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කරගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී.
බ්‍රැන්ඩික්ස් ආයතනය හඳුන්වා දුන් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ReadToMe’ ඉංග්‍රීසි ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ඔස්සේ ලාංකීය සිසුන්ගේ ඉංග්‍රීසි කියවීමේ හා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම ‘RightToRead’ ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ක්‍රියාකාරීත්වය හා මෙම තාක්ෂණය සමග සම්බන්ධ වූ සිසුන්ගේ හා අධ්‍යාපනවේදීන්ගේ අත්දැකීම් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පසුගියදා බොරැල්ලේ පිහිටි සුසමයවර්ධන විද්‍යාලයෙහි සංචාරයක ද නිරත විය.
සුසමයවර්ධන විද්‍යාලය RightToRead වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු පාසල්වලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය ඇතුළු ආරාධිතයන් බ‍්‍රැන්ඩික්ස් ආයතනය මගින් ඉදිකරන ලද ස්මාර්ට් පන්ති කාමරය නැරඹීමට එක් වූයේ පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ ගමන් මගට සහයක් වීමටයි.
බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමූහ ව්‍යාපාරයකි. එය ලොව පිළිගත් සන්නාමයන් සඳහා පරිපූර්ණ ඇඟලුම් විසඳුම් සැලසුම් කිරීම, නිෂ්පාදනය සහ අලෙවිකරණය සිදුකරයි. ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යන පරමාර්ථය මුල්කරගත් බ්‍රැන්ඩික්ස් සමූහය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, හයිටි සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 9ක් වෙත ව්‍යාප්ත වී ඇති අතර, එහි සේවය කරන පිරිස 60,000කට අධිකය.