පවුල් සැලසුම් සඳහා 2021 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් 225,492 දෙනකු අලුතෙන් යොමු වී තිබූ අතර, ඉන් 29,993 දෙනකු වන්ධ්‍යකරණ සැත්කම්වලට ලක්කොට ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී පවුල් සැලසුම් සඳහා අලුතෙන් 96,693 දෙනෙකු යොමුවී තිබූ අතර එය කැපිපෙනෙන වැඩිවීමක් බවද එම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.
2012 වර්ෂයේ වන්ධ්‍යකරණ සැත්කම් 21,109ක් සිදුකොට තිබු අතර, එම වර්ෂයෙන් පසුව වැඩිමවන්ධ්‍යකරණ සැත්කම් සංඛ්‍යාවක් සිදුකොට ඇත්තේ 2021 වර්ෂයේ බවද මෙකී වාර්තාවේ දැක්වෙයි.
2021 වර්ෂය තුළ පවුල් සැලසුම් සංවිධාන යටතේ 28,531 දෙනකු ලූප්ස් පැළද තිබූ අතර 44,462 දෙනකු ගිලින පෙති භාවිත කොට තිබුණි.
එන්නත්කරණය සඳහා ද 79,622 දෙනකු යොමුකොට ඇත.
lankasara