බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය යළිත් සිය සුපුරුදු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ. බ්‍රැන්ඩික්ස් යනු සෑම විටම ජනතාව, පරිසරය සහ සිය ප්‍රජාවන් යන ත්‍රිවිධ අංශවල යහපත කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන සමූහ ව්‍යාපාරයකි. මේ වනවිට මෙරට සමාගම් හා ආයතන අතරින් වැඩිම වශයෙන් රුධිර පරිත්‍යාගයන් සිදුකරන සමාගම බ්‍රැන්ඩික්ස් වන අතර, මෙවරත් එහි සාමාජික සාමජිකාවන් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් දහස් ගණනින් මෙම උදාර කර්තව්‍යයට දායක වනු ඇත.
ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට නම් පරිත්‍යාගශීලීන් වෙතින් අඛණ්ඩව රුධිරය ලැබීම අත්‍යවශ්‍ය වේ. මේ නිසාම වසර 13ක් තම ලේ දන්දීමේ වැඩසටහන පවත්වාගෙන යාමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර, පසුගිය වසර දෙකේදී පමණක් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. සමූහයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් දිවයින පුරා ස්ථාන 23කදී පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාවට සාමාජික සාමාජිකාවෝ 35,000කට අධික පිරිසක් දායක වෙති. තවකෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සිදුකරන උදාර මෙහෙවරක් වශයෙන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකත්වයේ පූර්ණ මෙහෙයවීමෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවයටද විවිධ අංශ වල සහයෝගය අත්‍යවශ්‍ය වී ඇත. මෙම තත්ත්වය හමුවේ නැවත වරක් මෙම ජාතික මෙහෙවර දියත් කිරීමට බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු කළේය.
මේ වනවිට රුධිරය පයින්ට් 36,296ක් පරිත්‍යාග කළ බ්‍රැන්ඩික්ස් සමූහය මෙරට ‘පෞද්ගලික අංශයේ විශාලතම රුධිර පරිත්‍යාගශීලියා’ යන විරුදාවලිය ලබා ඇත. මෙය, ලේ දන්දීම යනු අභය දානය දීමක්ය යන විශ්වාසයට සමගාමීව බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ලොවට ලබාදෙන මහඟු ආදර්ශයකි.