‘ජාතියේ මහා පහන්ටැඹ’ ලංකා බැංකුව (BOC) විසින් අභියෝගාත්මක කාලයන්හිදී එම අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා මෙරට අපනයන ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකර ඇත. මෙම සංකල්පය සාක්ෂාත් කරගැනීමේ ඉදිරි පියවරක් ලෙස ‘BOC Export Circle’ විශේෂ අපනයන ඒකකය ආරම්භ කළ අතර එමගින් අපනයනකරුවන්ගේ මූල්‍ය සහ මූල්‍ය නොවන අවශ්‍යතා සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරයි.
සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ සිට ආයතනික මට්ටම දක්වා වූ අපනයනකරුවන්ට එක ලෙස සේවය සැලසීම අරමුණු කරගනිමින් ලංකා බැංකුවේ වෙළෙඳ සේවා අංශය විසින් ආරම්භ කරන ලද ‘BOC Export Circle’ විශේෂ අපනයන ඒකකය ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළෙඳ සේවා අංශයෙහි නවීන පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ඒකකයක් ලෙස ස්ථාපිත කොට ඇත. මෙම ඒකකය මගින් සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම ආරම්භක මට්ටමේ අපනයනකරුවන්ට ද පූර්ණ සහයෝගය ලබාදෙමින් ඔවුන්ට ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ අපනයනකරුවන් බවට පත්වීම සඳහා අවශ්‍ය දැනුම සහ මූල්‍ය ශක්‍යතාව වැඩිදියුණු කිරීමට සේවාවන් ලබාදෙයි.











