වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ චන්කානයි සහ පූවරසන්කුලම් යන ශාඛා ATM පහසුකම්ද සමගින් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. චන්කානයි ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) එස්. සිවන්ජන්, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවනන්දන්, ප්‍රාදේශීය ලේකම් (චන්කානයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) ප්‍රේමණී පොන්නම්බලම්, සභාපති (වලිකාමම් – බටහිර ප්‍රාදේශීය සභාව) ධර්මලිංගම් නාදනේන්ද්‍රන්, ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. අනන්තරාජා, ප්‍රාදේශීය කළමනාකරු (යාපනය – බටහිර) සුජාතා නෙතානන්දන්, කළමනාකරු (චංකනායි ශාඛාව) එස්. ශාන්තකුමාර් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූ අතර, පූවරසන්කුලම් ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (සහාය සේවා) එස්. සිවන්ජන්, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) වී. සිවනන්දන්, උපකුලපති (වවුනියාව විශ්වවිද්‍යාලය) ආචාර්ය එම්. මංගලේශ්වරන්, පූවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඩබ්.එච්.ජේ.ඒ. පුෂ්පකුමාර, ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු (උතුරු පළාත) එස්. අනන්තරාජා, ප්‍රාදේශීය කළමනාකරු (වන්නි) වී. පුවනේන්ද්‍රරාජා, ජ්‍යෙෂ්ඨ ළමනාකරු (වවුනියාව) පී. දිනේස්කුමාර් සහ කළමනාකාරිනී (පූවරසන්කුලම් ශාඛාව) ජේ. ප්‍රේමහරන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.