ලොව ප්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන Euromoney විසින් විශිෂ්ටත්වය සඳහා පිරිනමන සම්මාන වැඩසටහින් ආසියානු 2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස හත්වැනි වතාවටත් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මෙම ගෞරවනීය සම්මානය ලබාදෙන්නේ යූරෝමනී සඟරාවේ කර්තෘවරුන්, ජනමාධ්‍යවේදීන් සහ සමීක්ෂණ කණ්ඩායම විසින් කලාපයේ බැංකුකරණය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ වසර පුරා සිදුකරන පුළුල් සමීක්ෂණය සහ වෙළෙඳපොළ සාමාජිකයන්ගේ සවිස්තරාත්මක තොරතුරු පාදක කරගනිමිනි.
මෙම සම්මානය පිරිනැමීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ක්‍රමවේදයන් වන වෙළෙඳපොළ තත්ත්වය, සිදුකළ ව්‍යාපාර ප්‍රමාණය, නව නිෂ්පාදන සංවර්ධනය, කළමනාකරණ පද්ධතිය, ණය වර්ගීකරණය, කාර්යක්ෂම අනුපාතයන් සහ වාර්ෂික ප්‍රධාන කාර්ය සාධක දර්ශකයන් සැලකිල්ලට ගනී.











