ඉන්දියාවේ අවතැන් කදවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ජනතාවට පුරවැසිභාවය ලබා නොදීමට ඉන්දීය රජය තීන්දු කර ඇත.
මේ බව ඉන්දීය රජය මදුරෙයි මහාධිකරණය වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.
තමිල්නාඩුවේ අවතැන් කදවුරු 107ක දමිළ ජාතිකයන් 60,000ක් ජීවත් වන අතර වෙනත් ස්ථානවල 35,000ක් පමණ ජීවත් වෙති.
කෙසේවෙතත් ඉන්දීය රජය මෙම තීන්දුව ගෙන ඇත්තේ අවතැන් ශ්‍රී ලාංකික දමිළ ජනතාවට පුරවැසිභාවය දුනහොත් එය බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන, මියන්මාර් සහ මධ්‍යම ආසියානු කලාපවලින් එන නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් හට දොරටු හැර දීමක් වනු ඇති බවට ලැබී ඇති උපදෙස් අනුවය.