ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට අත්වැලක් වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය’ උසස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ලංකා බැංකුව නිවේදනය කරයි.
2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ දරු දැරියන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.
මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ සෑම වසරකම රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැවීමට ලංකා බැංකුව කටයුතු කර ඇති අතර, 2021 වසර සඳහාද ශිෂ්‍යත්ව 382ක් පිරිනැවීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දිවයින පුරා විහිදුණු 647ක් වූ ලංකා බැංකු ශාඛා ජාලයේ 18+ හෝ 18+ SmartGen ගිණුම් පවත්වාගනිමින් බැංකුව සඳහන් කර ඇති පරිදි ගිණුමේ අවම ශේෂය පවත්වාගෙන යන, 2021 වසරේදී ජීව විද්‍යා, භෞතික විද්‍යාල, වාණිජ, කලා, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉන්ජිනේරු තාක්ෂණවේදය යන ප්‍රධාන විෂය ධාරා 6 ඔස්සේ අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසු දරු දැරියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අයැදුම්පත් www.boc.lk වෙබ් අඩවියෙන් බාගත (Download) කරගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පතක් පාසල් නිල ඇඳුමෙන් ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක් සමග සහකාර මහා කළමනාකරු (අලෙවි), අලෙවි අංශය, 16 වැනි මහල, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලය, ලංකා බැංකු චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනය වෙත 2022 දෙසැම්බර් 31 වැනි දිනට ප්‍රථම එවිය යුතුය.
2003 වසරේ ආරම්භ කළ අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටන, 2016 වසරේදී ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකරමින් ‘නැණ ජය’ නමින් ක්‍රියාත්මක කිරීම ඇරැඹිණි. 2003 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 90කට වැඩි වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2,580ක් ප්රදානය කිරීමට ලංකා බැංකුව සමත්ව ඇත.
දැයේ සුවහසක් දූදරුවන්ගේ නැණැස පාදන්නට නිබඳවම කැපවන ලංකා බැංකුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පෙරහුරු සම්මන්ත්රණ දිවයින පුරා පවත්වනු ලබන අතර මාපියන් වෙනුවෙන් උපකාරක හා දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරයි. දිවයිනේ අංක එකේ බැංකු සන්නාමය ලෙසින් අඛණ්ඩව 14 වැනි වරටත් පිදුම් ලැබූ ලංකා බැංකුව ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට නම්කෙරෙන්නේ දිවයිනේ බැංකු ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව තව තවත් තහවුරු කරමිනි.
ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ඉතුරුම් සාක්ෂරතාව බලගන්වන්නට රන් කැකුළු ගිණුමෙන් ආරම්භ කරන ලද ඉතුරුම් පුරුද්ද 18+ SmartGen ගිණුම දක්වා අඛණ්ඩව පවත්වාගැනීමේ ප්රතිලාභ අතර නැණ ජය ශිෂ්‍යත්ව ප්‍රතිලාභයද ප්‍රධාන තැනක් ගනී. එම නිසා ලංකා බැංකුව සමග ඉතුරුම් පුරුද්ද අඛණ්ඩව පවත්වා ගන්නා ලෙසත්, එහි ප්රතිලාභ සමග ජීවිතය ආලෝකමත් කරගන්නා ලෙසත් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව දැයේ දූ පතුන්ට ආරාධනා කර සිටියි.