රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හඳුන්වාදිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නඟාසිටුවීම වෙනුවෙන් වසර 82ක් පුරා කැපවෙමින් විවිධ වූ සේවාවන් ලබාදෙන මෙරට ප්‍රමුඛතම බැංකුව ලෙස ලංකා බැංකුව හඳුන්වා දිය හැකිය.
එමෙන්ම මෙරට අංක එකේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද උපරිම සහයෝගය ලබාදෙන ආයතනයකි. ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබාදෙන සේවාවන් තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කරමින් එම සේවාවන් තම ගනුදෙනුකරුවන් වෙත වඩාත් සමීප කිරීම වෙනුවෙන් BOB SME Circle නමින් විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, එය නිල වශයෙන් විවෘත කිරීම 2022 ජනවාරි 03 වැනි දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.











