Lanka Clear ආයතනය ඔවුන්ගේ අන්තර් බැංකු US Dollar Online payment system (USD On-Line) සහ US Dollar Draft on-line Image Transfer System (UITS) යන සේවාවන් සඳහා පියවීම් බැංකුව ලෙස, ලංකා බැංකුව පත්කර ඇත.
මෙම තෝරාගැනීම තරගකාරී ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක් හරහා සිදුකෙරුණු අතර, 2021 ඔක්තෝබර් 12 වැනි දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී දෙපාර්ශ්වය විසින් මෙම ගිවිසුම අස්සන් තබන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට අනෙකුත් බපලපත්‍රලාභී රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු අතර දේශීය අන්තර් බැංකු ගෙවීම් ජාලය ක්‍රියාත්මක කරන Lanka Clear ආයතනය ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස 2002 වසරේදී ස්ථාපිත කෙරුණු අතර, එම ආයතනය (Lanka Pay) යන වෙළෙඳ නාමය යටතේ තම සේවාවන් ක්‍රියාත්මක කරයි.











