සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ රක්ෂණ සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
දෙපාර්ශ්වය විසින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව රට පුරා පාසල් ළමයින් ප්‍රවාහනය කරනු ලබන එම සංගමයේ වාහනවලට රක්ෂණාවරණ ලබාදීම සඳහා ඔවුන් වෙනුවෙන්ම ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් රක්ෂණ සැලසුමක් හඳුන්වා දී ඇත. ඊට අමතරව වාහනයේ ගමන් කරන ළමයින්ට සහ රියැදුරන්ට වෙනමම හදිසි අනතුරු ආවරණයක් හිමි වන අතර වසර දෙකකට බලපැවැත්වෙන ගිවිසුමට අනුව තවත් ප්‍රතිලාභ රැසක් හිමි වේ. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් වසර 15ක අත්දැකීම් සහිතව පුද්ගලික සහ ආයතනික රක්ෂණ අවශ්‍යතා විශ්වාසයෙන් යුතුව ලබාදෙන ප්‍රමුඛතම ආයතනයකි.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. එම්. එස්. ද සිල්වා මහතා පැවසුවේ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ශාඛා රට පුරා ඇති බැවින් දිවයින පුරා විහිදී සිටින ඔවුන්ගේ 27000ක් පමණ වූ සාමාජිකයින්ට පහසුවෙන් ඒ වෙත ළඟා වී සේවා ලබා ගත හැකි බවයි.