බංගලාදේශ බලශක්ති නියාමන කොමිෂන් සභාව විසින් ජනවාරි මාසයේදී ගෑස් මිල සියයට 4 කින් පහත දමා ඇත.
සඳුදා නිකුත් කරන ලද උපදෙස්වලට අනුව වැට් බදු ඇතුළුව ගෑස් කිලෝග්‍රෑම් එකක බංග්ලාදේශ ටාකා 98.17කින් එනම් 4% ක අඩුවීමක් නියම කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12ක ගෑස් සිලින්ඩරයක මිල ටාකා 1,228 සිට ටාකා 1,178 දක්වා පහත දමා තිබේ.
නව මිල සඳුදා පස්වරු 6 සිට ක්‍රියාත්මක වන බව එම කොමිසම පවසයි.