SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත්කරදී තිබේ.
මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නියමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.
මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත් අලෙවිසැල්වලදී පහසුවෙන් සහ ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්‍රමාදයකින් තොරව එකතු කරගැනීමට අවස්ථාව උදාවේ.
mCash බලයලත් අලෙවිසල් ජාල දැනටමත් දිවයින පුරා ව්‍යාප්තවී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසල් මේ සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලාංකිකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.
සෑම පාරිභෝගිකයකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්‍රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ නව්‍ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.