• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතා අරගල හමුවේ රටවලින් පැන්න රාජ්‍ය නායකයන්ට අන්තිමේදි වෙච්ච දේ…

July 25, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනතා අරගල හමුවේ රටවලින් පැන්න රාජ්‍ය නායකයන්ට අන්තිමේදි වෙච්ච දේ…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ රට රටවල සිටින රාජ්‍ය නායකයන්ගේ බලය උච්ච ලෙස තිබෙන කාලයට ඔවුන් සමහරකු කටයුතු කරන්නේ ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් හෝ නොව රජවරුන් ලෙසය. එනම් ඔවුහු අධිරාජ්‍යවරුන් සේ බලය පෙන්වීමට කටයුතු කරති. එහෙත් ඔවුන්ගේ දේශපාලනික බලය නැති වන විටදී සිදුවන්නේ කුමක්ද? මෙම නායකයන්ගේ දේශපාලන පරාජය ‘ඡන්ද පෙට්ටියෙන්’ හෝ ‘වෙඩි උණ්ඩයෙන්’ හෝ පැමිණිය හැකි අතර අද ඔවුන් වෙත එම පරාජය ළඟා වෙන්නේ වෙනත් ක්‍රමයකටය. එනම් මහා දැවැන්ත ජන අරගල හරහා ඔවුන්ට එම පරාජය හිමිවෙයි. මෙලෙස නූතන ලෝකයේදී සිදුවන මහජන නැගිටීම් අද අලුත්ම දේශපාලනික පරිවර්තනයකි. ලෝකයේ රටවල් රැසක එසේ සිදුවුවත් ශ්‍රී ලංකාවේදී එවැන්නක් සිදු නොවෙතැයි අපි බොහෝ දෙනකු විශ්වාස කළෙමු. එහෙත් ඒ සිතුවිල්ල අද බිඳී ගොස් හමාරය. ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන මහා ජන අරගල හේතුවෙන් ප්‍රබල දේශපාලකයන් රැසක් ගෙදර ගියේය. මෙහිදී ඔවුන් ගෙදර යෑමට අමතරව රටින් පැන ගියේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද දැන් පත්ව සිටින්නේ එවැනි ශෝචනීය තත්ත්වයකටය.

ලෝකයේ රට රටවල කලින් කලට තිබුණු යුද අරගල, දේශපාලනික කුමන්ත්‍රණ සහ විවිධ ජන අරගල හමුවේදී රාජ්‍ය නායකයන් සිය ගණනක් මේ වන විට තමන්ගේ උපන් දේශයෙන් පැනගොස් හෝ පලවා හැර හෝ ඇත. එම තොරතුරු ඇතුළත් දීර්ඝ නිල දත්ත වාර්තාවක් ලෝකයේ තිබෙන අතර, එය පළකරනු ලබන්නේ ඇමෙරිකාවේ විකිමීඩියා (Wikimedia) සංවිධානයි. මෙම ඉතිහාසය දිවයන්නේ ක්‍රි.ව. 500ක් වැනි ඈත අතීත කාලය වෙතය. එම ඉතිහාසගත තොරතුරු එක්තැන් කරමින් ඉහත සංවිධානය විකිමීඩියා (Wikimedia) නමැති ජාත්‍යන්තර දත්ත වාර්තාව හරහා එම තොරතුරු ලොවට හෙළිකරනු ලබයි. මෙම නිල වාර්තාවේ තොරතුරු පසුගිය 2021 වසරේ අගෝස්තු 15 වැනිදායින් පසු යාවත්කාලීන වූයේ නැත. එයට හේතුව වූයේ එතැන් සිට 2022 ජූලි 14 වැනිදා දක්වාම ලොව කිසිදු රටක රාජ්‍ය නායකයකුගේ පලායෑමක් සිදුනොවුණු හෙයින්ය. එසේ නම් නැවත එම වාර්තාව අපගේ ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නමින් පසුගිය ජූලි 14 වැනිදා යාවත්කාලීන වුණේය. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලාගියේ යැයි පැවසෙන රාජ්‍ය නිල ප්‍රකාශය සිදුවී විනාඩි 02ක් යන්නට මත්තෙන් එම වාර්තාව යාවත්කාලීන විය. එය තොරතුරු තාක්ෂණික විප්ලවයකි.

මෙලෙස ලෝකයේ පලාගිය හෝ පලවාහරිනු ලැබූ රාජ්‍ය නායකයන්ගේ වගතුග විටෙක දැඩි කුතුහලය දනවන්නකි. එසේම සමහර සිදුවීම් ශෝචනීය බවක් ඇතිකරන අතර, තවත් සමහර පුවත් හාස්‍යය මුසු රසවත් ඒවාද වෙයි. කෙසේ හෝ මෙලෙස පලාගිය නායකයන්ගේ වගතුග ඉතා ඉක්මනින් රහසිගත තොරතුරක් බවටද පත්වෙයි. දැන් අපගේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාගේ වගතුගද එවැන්නකි. කෙසේ හෝ ජූලි 09 වැනි දින ජන අරගලය දිනයේදීම ඔහු රටින් පැන ගියේයැයි පැවසුණද ඔහු රටින් පැන ගියේ ඊට දින 03කට පසුවය. එතෙක් ඔහු මෙරට තුළම සිටි අතර, ඒ වගතුග කිසිදු අයකු දැන සිටියේද නැත. එතැනින්ද පසුව අද ඔහු සිංගප්පූරුවට ගොස් සිටින අතර එම රට තුළින්ද ඔහු ගැන නිසි වගතුගක් දැනගන්නට නැත. මේ ආකාරයට බොහෝ නායකයන් තම රටින් පැනගිය පසු බොහෝ විට එම වේදිකා ජවනිකාව නිම වෙයි. මෙවැනි වටපිටාවක් යටතේදී මෙවැනි නායකයන්ට සැබෑ ලෙසම පසුව සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට අප උත්සාහ කරමු. එම වගතුග යම් කාලවකවානුවකට අනුව ගෙන සොයා බලමු.

1971 වසර සිට 2021 දක්වා කාලය තුළ පමණක් (වසර 50ක) රාජ්‍ය නායකයන් 134 දෙනකු තම තනතුරවලින් පලවා හැර ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි. මෙයින් ලෝකයෙහි බොහෝ ප්‍රකටත්වයට පත් නායකයන්ගේ වගතුග සොයා බලමු. මෙම නායකයන් පලවා හැරුණු ආකාරයත්, ඉන් පසුව වර්තමානයේ ඔවුනට සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න ගැනත් අවධානය යොමු කරමු.

ෆර්ඩිනන්ඩ් මාර්කෝස් 1986 – පිලිපීනයේ හිටපු ජනාධිපති
ගිනස් වාර්තාවක් තබමින් පලාගිය ලෝකයේ සිටින එකම රාජ්‍ය නායකයා වන්නේ පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ය. ඔහු රාජ්‍ය සහ මහජන ධනය අසීමිත ලෙස කොල්ලකෑම සිදුකළ අතර එම ධනස්කන්ධය රැගෙන ජන අරගලයක් හමුවේ පිලිපීනයෙන් පලාගියේය. ඔහු පිලිපීනයේ වසර 21ක් පුරා නොකඩවා පාලනය කළ ඒකාධිපතියකු විය. ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක රාජ්‍ය ධනයක් වංචනිකව සොරකම් කරගෙන පලා ගියේය. මෙම මුදල දැන් කාලයේ හැටියට (වසර 35කට පසුව) ඩොලර් බිලියන 100 ඉක්මවා යයි. ඔහු 1986 වසරේදී තම පවුලේ සාමාජිකයන් සමග මෙසේ පැනයන විටදී ඇමෙරිකානු ඩොලර් මිලියන 717ක මුදල් නෝට්ටු සහ කැරට් 24 රත්‍රන් කුට්ටි 20ක්ද ගුවන් යානයේ දමාගෙන ගොස් ඇත. එයට අමතරව මැණික්, මුතු වර්ග සහ දියමන්ති සහිත පෙට්ටි තොගයක්ද රැගෙන ගොස් ඇත. ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ට එකල රටින් පැනයන්නට උදව් කළේ ඇමෙරිකාවය. ජනාධිපති මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානා හතරකින් පැනගොස් පසුව සී-130 ඇමෙරිකානු ගුවන් හමුදා යානයකින් ඇමෙරිකාවට පලා ගියේය. ඉන් පසු ඇමෙරිකානු රාජ්‍ය රැකවරණය යටතේ හවායි නගරය තුළ ජීවත් වුණේය. කෙසේ හෝ ඔහුට වසර 03කට වඩා කාලයක් ජීවත් වීමට වාසනාව හිමිවූයේ නැත. 1989 සැප්තැම්බර් 28 වැනිදා ඔහු සති තුනක රෝගී තත්ත්වයකින් පසුව නිව්මෝනියා රෝගයෙන් මිය ගියේය.

මාර්කෝස් හිටපු පිලිපීන ජනාධිපතිවරයාගේ මරණයේදී හෙළිවී ඇති අපූරු පුවතක් වෙයි. එනම් ඔහු රෝගාතුරව සිටියදී පිලිපීනයේ කොරසෝන් අකිනෝ ජනාධිපතිනියගේ නව රජයෙන් ඉල්ලා ඇත්තේ තමන් මියගිය විට තම දේහය පිලිපීනය වෙත රැගෙන ගියහොත් ඒ වෙනුවෙන් තමන් දූෂිත අයුරින් උපයාගත් මුදලින් 90%ක්ම නැවත පිලිපීන ජනතාව වෙත ලබාදෙන බවය. එහෙත් එම ඉල්ලීම අකිනෝ ජනාධිපතිනිය එක හෙළාම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ හෝ ඉන් පසුව මියගිය මාර්කෝස්ගේ දේහය වසර පහක් පුරා ඇමෙරිකාවේ හවායි නගරයේ යම් ආගමික ස්ථානයක් තුළ ශීතකරණ මිනී පෙට්ටියක බහා තැන්පත් කර ඇත. වසර පහ අවසානයේ පිලිපීනයේ අකිනෝ රජයට පසුව බලයට පත්වූ ෆිඩෙල් රාමෝස් ජනාධිපතිවරයාගේ රජය යටතේ දේහය පිලිපීනයට ගෙන ගොස් සොහොන් බිමක තැන්පත් කළේය. කෙසේ හෝ දේහය පිලිපීනයේ තැන්පත් කිරීමට එරෙහිවද එරට තරුණ පරපුර ජන අරගල සිදුකළහ. ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ දේහයවත් පිලිපීනයට එපා යැයි ඔවුන් උද්ඝෝෂණ සිදුකළේය.

මෙතෙක් ලෝකයේ සිටි මහජන ධනය කොල්ලකෑ අංක එකේ රාජ්‍ය නායකයා ලෙස මාර්කෝස් සැලකෙන අතර මෑත සමයක ලෝකයේ සිටි දරුණු මිනීමරු රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ උගන්ඩාවේ ඉඩි අමීන්ය. ඒ වගතුග සොයා බලමු.

ඉඩි අමීන් ඩඩා
ඉඩි අමීන් ඩඩා යනු වසර 08ක් පුරා නොකඩවා උගන්ඩාව පාලනය කළ ජනාධිපතිවරයාය. ලොව මෙතෙක් සිටි භයානකම ම්ලේච්ඡ පාලකයා ලෙස ඔහු හඳුන්වනු ලබයි. රාජ්‍ය ධනය කොල්ලකෑම, විවිධ දූෂණ වංචා, විරුද්ධවාදීන් ඝාතනය කිරීම සිවිල් වැසියන් ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණය ආදී භයානක අපරාධ රැසකට ඔහු සම්බන්ධ වුණේය. කිසිදු මහජන මැතිවරණයක් නොපවත්වා 1971දී හිටපු ජනාධිපති මිල්ටන් ඔබොටේ පලවා හැර බලය පැහැරගෙන තමන් විසින්ම උගන්ඩාවේ නව ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කළේය. ඔහුගේ පාලන කාලය තුළ මිනිස් ජීවිත ලක්ෂ 05ක් පමණ ඝාතනයට ලක්කර ඇත. ඉඩි අමීන්ගේ අතිශය කුරිරු පාලනය ඉවසාගත නොහැකි වූ යාබද රාජ්‍යයක් වන ටැන්සානියාවේ එවක සිටි ජනාධිපති ජූලියස් නියරේරේ තම හමුදාව ලවා ඉඩි අමීන්ගේ රජයට පහර දුන්නේය. මෙසේ ටැන්සානියානු හමුදා උගන්ඩාව ආක්‍රමණය කිරීමේදී ඉඩි අමීන් රහසිගතව රටින් පැන ගියේය. ඔහු මුලින් ලිබියාවටත්, එතැනින් පසුව ඉරාකයටත්, අවසානයේදී සවුදි අරාබියටත් පැන ගියේය. ඔහු 2003 වසරේ වයස අවුරුදු 78ක්ව සිටියදී සවුදි අරාබියේදීම මරණයට පත්විය. ඔහු වසර 24ක් සවුදි අරාබියේ වාසය කළේය.

1979 වසරේදී උගන්ඩාවෙන් පැනගිය ඉඩි අමීන් වසර 24ක් පුරා සවුදි අරාබි රජයේ රැකවරණ මත ජෙඩා නගරයෙහි තම පවුලේ සාමාජිකයන් සමග ජීවත් වූයේය. ඔහුගේ මරණයද එක්තරා අපූරු පුවත් මවන්නකි. එනම් 2003 වසරේදී ඔහුට දරුණු වකගුඩු ආබාධයක් ඇතිවූ අතර කෙටි කාලයක් ඇතුළත රෝගය උත්සන්න විය. එවිට ඉඩි අමීන්ගේ සිවුවැනි භාර්යාව වන මදීනා විසින් උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි (වත්මන් ජනාධිපති වෙතින් ඉල්ලීමක් කර ඇත්තේ තමන්ගේ ස්වාමියාට අවසන් මොහොතේ උගන්ඩාවට පැමිණීමට ඉඩ ලබාදෙන ලෙසය. එවිට මුසවේනි ප්‍රකාශ කර ඇත්තේ ඉඩි අමීන් උගන්ඩාවට පැමිණෙන්නේ නම් ඔහු සිදුකළ පවුවලට ඔහු පිළිතුරු දිය යුතු බවය. කෙසේ හෝ මුසවේනි එම ඉල්ලීමට ඉඩ දී නැති අතර 2003 අගෝස්තු 06 වැනිදා ජෙඩා රෝහලේදී අමීන් මියගොස් ඇත්තේ පවුලේ සාමාජික ඉල්ලීම මත ඔහුගේ වෛද්‍ය ජීවිත ආධාරක විසන්ධි කිරීමෙන් පසුවය. කෙසේ හෝ දේහයවත් උගන්ඩාවට ගෙන යෑමට අවසර ලැබී නැත.

පසුගිය කාලයේ උගන්ඩාව ගැන ශ්‍රී ලංකාව තුළ බොහෝ දේ කතාවන්නට විය. එනම් ශ්‍රී ලන්කන් ගුවන් යානා හතරක පුරවා ශ්‍රී ලංකාවෙන් මුදල් නෝට්ටු තොගයක් උගන්ඩාවට යැවීම එම ප්‍රධාන සිදුවීම විය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට උගන්ඩාව තුළ ඩොලර් බිලියන ගණනක ධනයක් තිබෙන බවටද චෝදනා නැගිණි. උගන්ඩාවෙන් පැනගිය තවත් රාජ්‍ය නායකයකුගේ තතු අපි සොයා බලමු.

මිල්ටන් ඔබොටේ
මිල්ටන් ඔබොටේ යනු උගන්ඩාව දෙවතාවක් පාලනය කළ ජනාධිපතිවරයෙකි. මුල් වරට 1966-1971 කාලයද, දෙවැනි වරට 1980-1985 කාලයද ඔහු ජනාධිපති ධුරය දැරීය. බි්‍රතාන්‍ය පාලනයෙන් උගන්ඩාවට නිදහස දිනාගැනීමට කටයුතු කළ දක්ෂ නායකයකු ලෙස සැලකෙයි. කෙසේ හෝ ඔහුගේ මුල් වර පාලනය තරම් දෙවැනි වර පාලනය යහපත් ස්වරූපයක් නොගත්තේය. ලොව අතිශය කෲර පාලකයකු ලෙස සැලකෙන ඉඩි අමීන් උගන්ඩාවේ ජනාධිපති ලෙස බලයට පැමිණියේ 1971 වසරේදී මිල්ටන් ඔබොටේට එරෙහිව සන්නද්ධ යුද අරගලයක් සිදුකරමිනි. එහිදී ඔබොටේ කෙන්යාවට පලා ගියේය. ඉන් පසු 1979දී ඉඩි අමීන් පලවා හැරීමෙන් පසු ඔබොටේ නැවත බලයට පැමිණියේය. ඔහුගේ දෙවැනි වර පාලනයේදී උගන්ඩාව තුළ දරුණු සන්නද්ධ අරගල ඇතිවී මිනිස් ජීවිත ලක්ෂ 03ක් පමණ විනාශ විය. කෙසේ හෝ එම ජන අරගල හමුවේ මිල්ටන් ඔබොටේ දෙවැනි වතාවටත් රටින් පලා ගියේය. ඔහු එවරද කෙන්යාවට පැනගොස් එතැනින් සැම්බියාවට පැන ගියේය. අවසානයේදී දකුණු අප්‍රිකාවට පැමිණ 2005 වසරේදී 79 වැනි වියේදී දරුණු වකුගඩු රෝගයකින් ඔහු මරණයට පත්විය. පසු කාලයේදී ඔහුට එරෙහිව නැගුණු දූෂණ වංචා චෝදනාද බොහෝ විය. තමන් නිදහස දිනාගැනීමට කැප කළ උගන්ඩාව තුළදී මියයන්නට ඔහුට වාසනාවක් නොවීය. ඔහු අන්තිම වරට පැනගිය දකුණු අප්‍රිකාව තුළදී මියගිය අතර ඔහුගේ දේහය උගන්ඩාවට රැගෙන යෑමට උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි (දැනට ජනාධිපති) අවසර ලබාදුන්නේය. එයට හේතුව වන්නේ මිල්ටන් ඔබොටේ යනු ඉඩි අමීන්ට වඩා යහපත් පුද්ගලයකු වූ බැවිණි. කෙසේ හෝ උගන්ඩාවේ කම්පාලා අගනුවරදී මිල්ටන් ඔබොටේ වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇති අවමංගල්‍ය උත්සවයක්ද පැවැත්වීමට යොවේරි මුසවේනි කටයුතු කර ඇත.

ගොන්සාලෝ සන්චෙස්
වසර 05ක් පුරා බොලිවියාව පාලනය කළ ලොව බොහෝ ප්‍රකට වූ ජනාධිපතිවරයෙකි. මුලින් යහපත් පාලනයක් රට තුළ ගෙනගියත් පසුව ඉතා ප්‍රචණ්ඩකාරී පාලනයක් රට තුළ ගෙන ගිය නිසා ජනතාව අතර අප්‍රසාදයට පත්විය. ආර්ථික සහ මූල්‍ය අර්බුද රැසක් රට තුළ ඇතිවූ අතර ඒවාට එරෙහිව අරගලකරුවන්ට රජයේ හමුදා දරුණු ලෙස පහර දෙන්නට විය. මෙම අරගල රැසක් තරුණ පිරිස් විසින් මෙහෙයවූ අතර එහිදී හමුදා වෙඩිතැබීම්වලින් සිය ගණනක් මරණයට පත්විය. අවසානයේදී ගොන්සාලෝ සන්චෙස් ඇමෙරිකාවට පලා ගියේය. ඇමෙරිකාවේදී ඔහුට එරෙහිව නඩු පැවරුණු අතර වින්දිතයන්ට ඩොලර් මිලියන ගණනක් ගෙවීමට ඔහුට සිදුවිය. 92 හැවිරිදි ඔහු තවම ඇමෙරිකාවේ ජීවත්ව සිටියි.

නවාස් ෂෙරීෆ්
නවාස් ෂෙරීෆ් යනු පාකිස්තානයේ තෙවරක් අගමැති ධුරය දැරූ දේශපාලනඥයෙකි. එනම් වසර 09ක් පුරා අගමැති ධුරයේ සිටි ඔහු පාකිස්තාන ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව සිටි පුද්ගලයෙකි. මොහු පාකිස්තානයේ සිටින ධන කුවේර ව්‍යාපාරිකයෙකුද වෙයි. පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානී ධුරය දැරූ, පසු කාලයකදී එරට ජනාධිපති ධුරයට පත්වූ ජෙනරල් පර්වේස් මුෂාරෆ් සමග ඇතිවූ බල අරගලවලදී නවාස් ෂෙරීෆ් දැඩි අර්බුද රැසකට මුහුණ දුන්නේය. කෙසේ හෝ හමුදා කුමන්ත්‍රණයක් හරහා මුෂාරෆ් විසින් ෂෙරීෆ් බලයෙන් පහකර නඩු විමසා සිර භාරයට ගන්නා ලදී. නවාස් ෂෙරීෆ්ට එරෙහිව දූෂණ වංචා චෝදනා, මිනීමැරුම් චෝදනා මෙන්ම ත්‍රස්තවාදී චෝදනාද නැඟිණි. එසේම ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය සහ බදු මුදල් පැහැර හැරීම් චෝදනාද නැගුණි. කෙසේ හෝ අවසානයේදී ඔහුට වසර 14ක සිර දඬුවමක්ද නියම කරන ලදී. මුදල් විශුද්ධිකරණයට අදාළව ජාත්‍යන්තර පැනමා පත්‍රිකාවල ඔහුගේ නම සඳහන්වී තිබිණි. කෙසේ හෝ අවසානයේදී සවුදි අරාබියාවේ ෆාඩ් රජුගේ මැදිහත්වීම මත වසර 10ක කාලයකට නවාස් ෂෙරීෆ් රටින් පිටුවහල් කර සවුදි අරාබියාවට ගෙන්වා ගත්තේය. ඉන් පසු ඔහු එතැනින් එංගලන්තයටද පැමිණ ජීවත් වූ අතර නැවත 2013 වසරේ පාකිස්තානයට පැමිණ මැතිවරණය ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්විය.

ආබිඩීන් බෙන් අලි
ආබිඩීන් බෙන් අලි යනු වසර 24ක් පුරා ටියුනීසියාවේ ජනාධිපති ධුරය දැරූ කුරිරු ඒකාධිපති පාලකයෙකි. මුලින් අගමැති ධුරයට පත්වූ ඔහු, ටියුනීසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා රැල්ලකින් පලවා හරිමින් කිසිදු මැතිවරණයක් නොමැතිව ජනාධිපති ධුරය ලබාගත්තේය. එතැන් සිට 2011 වසරේදී ටියුනීසියාවේ ඇතිවූ මහා තරුණ අරගලය දක්වාම ඔහු ජනාධිපති ධුරය ඉසිලීය. කෙසේ හෝ මාස ගණනාවක් පුරා පැවැති මෙම තරුණ අරගලය ලෝක ඉතිහාසයට එක්වූයේ ලොව ප්‍රකට වූ අරගලයක් වන ‘අරාබි වසන්තයේ’ පෙරගමන්කරුවා ලෙසය. අවසානයේදී එම විප්ලවය රටවල් 12ක් පමණ පුරා පැතිර ගියේය. කෙසේ හෝ 2010 දෙසැම්බර් 17 ආරම්භ වී, 2011 ජනවාරි 14 දක්වා පැවැති ටියුනීසියානු විප්ලවයේදී ජනාධිපති බෙන් අලි බලයෙන් පහකරනු ලැබුවේය. අරගලය ඉතා උත්සන්න වත්ම ජනාධිපති බෙන් අලි සිය බිරිය සහ දරුවන් තිදෙනා සමග සවුදි අරාබියට පලාගියේය. සවුදි අරාබියාවේ අබ්දුල්ලා රජු විසින් බෙන් අලිට දේශපාලන රැකවරණ ලබාදුන්නේය. මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ආදී චෝදනා රැසකට ඔහු වරදකරු කෙරිණි. කෙසේ හෝ 2019 වසරේදී 83 වැනි වියේදී බෙන් අලි සවුදි අරාබියාවේදී හෘද රෝගයකින් මරණයට පත්විය.



ප්‍රියන්ත හෙට්ටිගේ

මෙම කතාන්දරය ඔබට පැවසීමේදී හෙළිවන තවත් අපූරු පුවතක්ද වෙයි. එනම් ලෝක ඉතිහාසයට එක්වුණු සුවිශාල තරුණ අරගල රැල්ල වන ඇරැබ් ස්ප්‍රිං නොහොත් අරාබි වසන්තය නමැති රටවල් 19ක් පුරා පැතිර ගිය මහා ජන අරගලයේදී (2010-2012) එම රටවලින් පැන යෑමට සිදුවූයේ එක් නායකයකුට පමණි. ඔහු නම් මෙහි ඉහත ලියා තැබූ ටියුනීසියාවේ හිටපු ජනාධිපති ආබ්ඩීන් බෙන් අලි පමණක්ය. ප්‍රධාන වශයෙන් රටවල් 05ක් තුළ එම ජන අරගලය ඉතා දරුණු ලෙස පැවැති අතර එම රටවල් තුළ සිටි රාජ්‍ය නායකයන් හතරක්ම බලයෙන් පහ කෙරිණි. එක් නායකයකු පමණක් මේ වන විටද වසර 22ක් පුරා ඉතා දරුණු පාලනයක් ගෙන යමින් බලයේ රැඳී සිටියි. ඔහු සිරියාවේ බෂීර් අල් අසාඩ්ය.
ජනාධිපති ආබ්ඩීන් බෙන් අලි, ටියුනීසියාව
මොහු අරගලය හමුවේ රටින් පැන ගියේය.
ජනාධිපති හොස්නි මුබාරක්, ඊජිප්තුව
මොහු බලයෙන් පහ කෙරුණත් මියයන තුරු ඊජිප්තුවේ වාසය කළේය.
ලිබියානු ජනාධිපති මුවම්මර් ගඩාෆි
අරගලය අතරවාරයේදී ලිබියාව තුළදීම ඝාතනයට ලක්විය.
යේමන ජනාධිපති අබ්දුල්ලා අල් සලේ
මොහු බලයෙන් පහ කෙරුණු අතර පසුව යේමනය තුළදීම ඝාතනයට ලක්විය. අරගලය නිමවී වසර 05කට පසුව එම ඝාතනය සිදුවිය.

SendShareShare
Previous Post

හැමතැනම බෑ! මීටපස්සේ උද්ඝෝෂණ විහාර මහා දේවී එළිමහන් රංග පීඨය-නව නගර ශාලාව-හයිඩ් පාර්ක්-කැම්බල් පිටියේ විතරයි!

Next Post

SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලීසිං ගණුදෙනුකරුවන්ට අවස්ථාවක්…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.