AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහළම කාන්තා වෘත්තිකයන් 50 දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම මහත් සාඩම්බරයෙන් සමරයි.
2011 වසරේදී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (Inernational Finance Corporation – IFC) සහ ඕස්ටේරලියානු රජයේ සහයෝගිතාවයෙන් පවත්වාගෙන යනු ලබයි. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරකරණයේ නව මංපෙත් සොයාගෙන යමින් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති කාන්තා වෘත්තිකයන් හඳුනාගැනීම මෙන්ම එවැනි අතිදක්ෂ කාන්තාවන් මූලිකත්වය ගෙන සාර්ථකව පවත්වාගෙන යන්නා වූ සමාගම් ඇගයීමට ලක්කිරීමයි.











