ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේදී සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී. ‘Against The Wave’ එනම් රැල්ලට එරෙහිව යන තේමාව යටතේ පවත්වන්නට යෙදුණු මෙම සම්මාන උළෙලේදී නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් සිය කාර්යාභාර්ය ඉටුකර විශිෂ්ට වාර්ෂික කාර්යසාධනයක් අත්කර ගත් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්විය.
එසේම සිය සේවාලාභීන් හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීම සඳහා සහාය වීම යන උදාර ප්‍රතිඥාව සාක්ෂාත් කිරීමට සැබෑ තානාපතිවරුන් ලෙස කැපව කටයුතු කිරීම වෙනුවෙන්ද ඔවුන්ව ඇගයුමට ලක්කරන ලදී. මෙම අලෙවි සමුළුව, AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, AIA සමූහයේ කලාප මෙහෙයුම් නිලධාරී කැල්වින් ෆු, AIA ඉන්ෂුවරන්ස්හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජිකයන් මෙන්ම ඒජන්සි මෙහෙයුම් කණ්ඩායම සහ දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් යන සැමගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.