AIA ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ලැයිස්තුගත රක්ෂණ සමූහයයි. AIA සන්නාම තානාපති හිටපු ප්‍රෙමියර් ලීග් පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම්ගේ සහ AIA ව්‍යාපාර පවත්වාගෙන යන රටවල් 13ක සහභාගිත්වයෙන් සමාගමේ ප්‍රථම කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇති බව AIA සමාගම අද නිවේදනය කර සිටියි.
AIA Live නම් මෙම වැඩසටහන අගෝස්තු 2 වැනි ඉරුදින විකාශනය කිරීමට නියමිත අතර එහිදී සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව කලාපය පුරා ජනතාව දැනුවත් කරන විශේෂාංග 30කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වනු ඇත. AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් දිවියක් ගතකිරීම සඳහා සහාය වීමට ඇති කැපවීම එමගින් අරමුණු වේ. මෙහි අඩංගු විශේෂාංග අතරින් මානසික සුවතාවය, ව්‍යායාම සහ විවේකය, හරියාකාර පෝෂණය, පෞද්ගලික වර්ධනය ඇතුළු සංගීතය සහ අනෙකුත් විනෝදාත්මක අංගද මීට ඇතුළත් වෙනු ඇත.
AIA Live ඩිජිටල් වැඩසටහන නිර්මාණය කර ඇත්තේ සහභාගි වන වෙළෙඳපොළ සියල්ලේ සිටින වයස් පරතයකින් තොරව සියලුම දෙනාටම කලාපීය සංස්කෘතික විවිධත්වය සමරමින් එකවර එකම තැනක සිට විනෝදාස්වාදයක් ලැබීමට හැකිවන අයුරිනි. විශේෂයෙන් මේ ඔස්සේ සහභාගි වන සියලුදෙනා තුළ සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇතිකරලීමට සමාගම අරමුණු කරයි.