AIA ඉන්ෂුවරන්ස්, මේ වසරේ අප්‍රේල් මස මුල් භාගයේදී නිදහස් චතුරස්‍රයේ පවත්වන ලද ‘Legends Run for Health’ එළිමහන් සෞඛ්‍ය ධාවන වැඩසටහනට දායකත්වය සපයන ලදී.
එහි පැවැති AIA සුවතා කුටියේදී සහභාගි වූවන් හට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වඩාත් දැනුවත් වීම සඳහා විවිධ විනෝද ක්‍රීඩා සහ අභියෝග සංවිධානය කර තිබුණු අතර ජයග්‍රාහකයන් හට වටිනා තිළිණද පිරිනැමිණි. මෙම සෞඛ්‍ය ධාවන තරගය ශ්‍රී ලංකා පොලීසිය සහ ක්‍රීඩා අමාත්‍යංශයේද අනුග්‍රහයෙන් පැවැති අතර ඒ ඔස්සේ සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පවත්වාගැනීමේදී දෛනිකව ව්‍යායාමයේ යෙදෙමින් ක්‍රියාකාරී දිවිපෙවෙතකට යොමුවීමේ වැදගත් බව එහි පැමිණ සිටි සැමට අවධාරණය කරන ලදී.











