කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් PickMe Food App එක මගින් glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළු, පලතුරු, මාළු සහ ආහාර මිලදීගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සහ අනෙකුත් ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන නවතම ඒකාබද්ධතාව මේ සඳහා හේතුවී ඇත.
සෑම සෙනසුරාදාවකම ලබාදෙන මෙම දීමනාව මගින් ආවරණය වන භාණ්ඩ ග්ලෝමාක් සුපිරි වෙළෙඳසල් වෙබ් අඩවියෙන් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් ගෙවීම් කර ලබාගැනීමේදී මෙම 25%ක වට්ටම හිමිවන බවත් මෙහිදී බිල්පත් වටිනාකම රුපියල් 2,500ක් ඉක්මවා තිබිය යුතු බව බැංකුව සඳහන් කරයි. මෙම දීමනාව 2021 ජූලි මාසය අවසන් වනතුරු ලබාදෙන අතර පාරිභෝගිකයන්ට රුපියල් 1,500ක් දක්වා වට්ටමක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ.
මීට අමතරව, සෑම බදාදා දිනයකම උදෑසන 10.00 සිට පස්වරු 6.00 දක්වා ග්ලෝමාක් වෙතින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මිලදීගැනීම් කරන පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සම්පූර්ණ බිල්පත සඳහා රුපියල් 2,000ක උපරිමයක් දක්වා 20%ක වට්ටමක් ලබාදීමටද කොමර්ෂල් බැංකුව කටයුතු කර තිබේ. මෙම වට්ටම හිමිවන්නේ සමස්ත අවම බිල්පත් වටිනාකම රුපියල් 5,000ක් සහ එය ඉක්මවන පාරිභෝගිකයන්ට වන අතර එය 2021 ජුනි මාසය අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත. මෙහිදී, වට්ටම හිමිවන්නේ එකම භාණ්ඩ තුනක හෝ කිලෝ 03ක උපරිමයකට යටත්ව බව බැංකුව සඳහන් කරයි.











