AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ‘Enterprise Innovation Summit 2020’ සම්මාන උළෙලේදී, නවෝත්පාදන සඳහා ජූරිය මගින් පිරිනමන ලද සුවිශේෂී සම්මානයක් වන ‘Innovation Heroes 2020’ සම්මානයෙන් පිදුම් ලැබූ අතර AIA, ඉතා අභිමානයෙන් යුතුව ඔහුට සුබ පැතුම් එක්කර සිටියි. මෙම සම්මාන උළෙල බල ගන්වන ලද්දේ DynamicCIO සමාගම මගිනි. මෙම සම්මානයෙන් උමේෂී ඇගයුමට ලක්වූයේ ඔහුගේ තාක්ෂණ නවෝත්පාදන මගින් සමාගමේ ව්‍යාපාර සඳහා එකතු කරන ලද අගයන් සහ වටිනාකම් උදෙසායි.
උමේෂි මෙම ඇගයුමට ලක්වන්නේ, ලොව පුරා විසිර සිටින තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත් බලවත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් වරලත් ආයතනය වන බි්‍රතාන්‍ය පරිගණක සංගමය (British Computer Society-BCS) මගින් ඔහුගේ සාමාජික තත්ත්වය, අධිශිෂ්‍ය (‘Fellow’) තත්ත්වයට උසස් කරන ලද පසුබිමක වීම විශේෂයකි. බි්‍රතාන්‍ය පරිගණක සංගමය වෙතින් තොරතුරු තාක්ෂණවේදියෙකුට අත්පත් කරගත හැකි ඉහළම වෘත්තීය ශ්‍රේණිගත කිරීම මෙය වන අතර, විශිෂ්ට කාර්යසාධනය, විශේෂඥ බව සහ ජ්‍යෙෂ්ඨත්වය යන කරුණු කිහිප වාරයක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, දැඩි නිර්ණායකයන්ට යටත්ව එම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.