• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බණ්ඩාරවෙලදී ශලනිට මොකද වුණේ?

November 7, 2020
in Heart
Reading Time: 3 mins read
A A
බණ්ඩාරවෙලදී ශලනිට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

කාමරේට ආවේ තට්ටුවක්වත් නොදා…

වීඩියෝ කරලා වෙබ් අඩවිවලට විකුණලා…

ශලනි තාරකා සහ තවත් රංගන ශිල්පීන් පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වුණා. සමාජ මාධ්‍ය ඔස්සෙත් ඒ වීඩියෝවට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ එක්කම එතැන මොකක්ද වුණේ කියන එක හැමෝටම ප්‍රශ්නයක් වුණා. ඒ හින්දා ඒ සිදුවීම ගැන අග මුල හොයාගෙන යන්න අපි තීරණය කළා.

can you hear me ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා බණ්ඩාරවෙලට ගිය වෙලාවේ තමයි ශලනි ඇතුළු කණ්ඩායමට මේ අකරතැබ්බයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔවුන් ඒ රූගත කිරීම් සඳහා සහභාගි වුණේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබුණු පසුබිමක. නමුත් එම කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය නිසි නීතිමය අවසරය අරගෙන තිබුණා. කොහොම වුණත් ඒ වෙලාවේ එතැනට ආව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් මේ කණ්ඩායම වහාම චජර පරීක්ෂාවකට ලක් කළ යුතු බවට තීරණය කරලා තියෙනවා.

කණ්ඩායමේ හැමෝම ඒ වෙලාවේ ඒකට කැමැති වුණා. කවුරුත් ඊට එරෙහිව අරගල කරන්න ගියේ නැහැ. රටේ තියෙන තත්ත්වය හැමෝම තේරුම් අරගෙන තිබුණා. නමුත් ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හින්දා සුළුවෙන් ඉවර වෙන්න තිබුණු සිදුවීමක් බොහෝ දුර දිග ගියා. ඒ වෙලාවේ මොකක්ද වුණේ කියන එක ගැන හරියටම දැන ගන්න අපි ශලනිට කතා කළා.

“රූගත කිරීම් සඳහා අවශ්‍ය සියලු අවසර අරගෙන තමයි අපි බණ්ඩාරවෙල ගියේ. නමුත් ඒ වෙලාවේ එතැනට ආව සෞඛ්‍ය නිලධාරීන් කිව්ව විදියට අවශ්‍ය පරීක්ෂණ සිදු කරන්න අපි හැමෝම කැමැති වුණා. ඒ වෙලාවේ අපි ආව එක ගැන ගමේ අයවත් වෙන කිසිම කෙනෙක්වත් කලබල වෙලා තිබුණේ නැහැ. නමුත් ඔය දර්ශන පටිගත කළ පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් එන්න කලින්ම ඒ ස්ථානයට ඇවිත් හිටියා. ඔහු ඒ හැම දර්ශනයක්ම වීඩියෝ ගත කළා. ඒ වෙලාවේ මායි මාලි ජයවීරගේයි රැඳිලා හිටිය කාමරේට මේ පුද්ගලයා ආවේ දොරට තට්ටුවක්වත් දාන්නේ නැතිව. එවැනි පුද්ගලයන්ට මාධ්‍යවේදීන් කියන්න මම නම් කැමැති නැහැ. මොකද නිරෝධායනයට සම්බන්ධ කිසිම කෙනකුගේ දර්ශන ප්‍රචාරය කරන්න තහනම් කරල රජය නීති පනවලා තියෙනවනේ. ඒ කිසිවක් මායිම් නොකර තමයි ඒ පුද්ගලයා ඒ සියල්ල වීඩියෝ කළේ. ඊට පස්සේ ඒ දර්ශන ඔහු වෙබ් අඩවිවලට විකුණලා තියෙනවා. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපේ නිෂ්පාදන කණ්ඩායම ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා දැනට මීට වඩා දෙයක් මට කියන්න බැහැ.” ඒ සිද්ධිය ගැන ශලනි අපි එක්ක කිව්වේ එහෙමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රෙඩී ගමගේ මහත්මයත් අදාළ සිද්ධිය දැඩිව විවේචනය කරලා තිබුණා. ලංකාවේ වෙබ් මාධ්‍යකරණය විනාශ කිරීමේ අරමුණෙන් මෙවැනි කටයුතු සිදු කරන බව තමයි ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබුණේ.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ සහ නිරෝධායන වන පිරිස් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය නියාමනය කරමින් නීති රීති පනවන්න රජය කටයුතු කළේ මීට මාස කිහිපයකට කලින්. ඒ හින්දා කිසිම මාධ්‍යවේදියෙක් ඒ ගැන නොදැන ඉන්නවා කියලා කියන්න බැහැ. ඒ වගේම ජනප්‍රිය පුද්ගලයන්ට ඒ නීති අදාළ වෙන්නේ නැහැ කියලා එකකුත් නැහැ.

කොහොම වුණත් ශලනි තාරකා ඇතුළු කණ්ඩායමට කොවිඞ් 19 සම්බන්ධ කිසිදු අවදානමක් නොමැති බව තමයි ඔවුන්ගේ චජර වාර්තා මඟින් තහවුරු වුණේ. හැබැයි සිද්ධ වුණු දේත් එක්ක can you hear me කණ්ඩායමේ මානසිකත්වය මේ වෙද්දී තරමක් පහළ වැටිලා. ඒ හින්දා රූගත කිරීම් පොඞ්ඩක් නවත්වලා නැවතත් කොළඹ බලා එන්න කණ්ඩායම තීරණය කරලා තියෙනවා. ඒත් ඉතාම ඉක්මනින් ඔවුන් නැවත බණ්ඩාරවෙල බලා පිටත් වෙන බව තමයි දැනගන්න තියෙන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට

Next Post

AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ඇගයුමට ලක්වේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.