AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා පැවති අන්තර් රක්ෂණ සමාගම් 2021 අභියෝග කුසලාන ප්‍රශ්නෝත්තර තරගයෙන් ජයග්‍රහණය කිරීම ඉතා සතුටෙන් සමරයි. මෙම තරගය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය මගිනි. AIA ඉන්ෂුවරන්ස් කණ්ඩායම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉතාමත් ප්‍රබල කණ්ඩායම් 19ක් සමග වට පහක් පුරාවට කරටකර තරගකර මෙම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලද අතර ජයග්‍රාහී කුසලානය පමණක් නොව සමාගමට මහත් කීර්තියක්ද රැගෙන එන ලදී.
ජයග්‍රාහී AIA ඉන්ෂුවරන්ස් කණ්ඩායමේ හසාන් සමීර්, තුසර රණසිංහ, සුරනි ද අල්විස්, ඔෂාන් ධර්මරත්න, ප්‍රදීප් රොඩ්රිගෝ, මලින්ද එදිරිසිංහ, සහ ඩෙන්වර් ඔර්ලොෆ් යන සාමාජිකයින් හට උණුසුම් සුබ පැතුම් එක්කරන අතර මෙම ජයග්‍රහණය සඳහා කණ්ඩායම් සාමාජිකයින්ගේ විශිෂ්ට සාමාන්‍ය දැනීම, විශ්ලේෂණාත්මක චින්තනය, වර්තමාන තොරතුරු පිළිබඳ හසළ දැනුම, තරගකාරී නිපුණත්වය මෙන්ම ප්‍රබල කණ්ඩායම් හැඟීමෙන් යුක්තව ක්‍රියා කිරීම AIA ඉන්ෂුවරන්ස් වෙත අභිමානයක් ගෙන ඒමට සමත්විය.











