AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී.
මෙම දානමය පුණ්‍යකර්මය සඳහා සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ළඟාකර දෙමින්, ඒ ඔස්සේ සියලු ශ්‍රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීම යන AIA ඉන්ෂුවරන්ස් හී සන්නාම ප්‍රතිඥාව සාක්ෂාත් කරගැනීම ද අපේක්ෂා කෙරිණි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මෙම ඩිජිටල් දානමය පුණ්‍යකර්මය ඔස්සේ ඒ හා සම්බන්ධ වූ සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම රු.100/-ක මුදල් පරිත්‍යාගයක් සිදුකළ අතර එමගින් එකතු වූ මුදලින් සහ AIA හි අනුග්‍රහයෙන් HelpAge ශ්‍රී ලංකා ආයතනය වෙත රෝද පුටු 10ක් පරිත්‍යාගයක් කිරීමට සමාගමට හැකිවිය. එම සංවිධානය සඳහා මෙම රෝදපුටු අත්‍යාවශ්‍ය අංගයක් වන අතර ඒවා රෝගීව අසරණව සිටින වැඩිහිටියන් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.