ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේය. නවීන පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන් ණය සහ ලීසිං ඇතුළු සියලු සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නව ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සමාගමේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.
මීට ඉහත වයඹ පළාතේ තවත් ආර්ථික වශයෙන් වැදගත් නගර දෙකක් වන කුරුණෑගල සහ කුලියාපිටිය යන නගරයන්හිද මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා විවෘත කරන ලදී. හලාවත ශාඛාව, එම පළාත තුළ විවෘත කරන ලද තුන්වැනි මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව වන අතර, එය මෙම ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසකට නව රැකියා අවස්ථාවන්ද උදාකර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයකු ලෙස පිළිගැනීමට ලක්වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ.