ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම සේවාවන් තවත් පුළුල්කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් 4G රවුටර් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා 4G Router Home Delivery සේවාවක් හඳුන්වාදී තිබේ. 4G රවුටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම සේවාව නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර, මේ නිසා මින් ඉදිරියට පාරිභෝගිකයන්ට SLT-MOBITEL සේවා මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් තොරව 4G රවුටර් සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගැනීමට හැකිවනු ඇත.
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ කරයි. එමෙන්ම ගමනාගමනය ඇතුළුව එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇති මෙවන් කාලයක, සුපුරුදු කාර්යක්ෂම සේවාව පාරිභෝගිකයයන් වෙත පිරිනැමීමට SLT-MOBITEL නවතම පියවර රැසක්ද ගෙන තිබේ. මෙම 4G Router Home Delivery සේවාව එම උත්සාහයේ එක් පියවරකි.
4G Router Home Delivery සේවාව යටතේ අදාළ රවුටර් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලබන්නේ ප්ටැබඑ වරුන් විසිනි. පාරිභෝගිකයන්ට 1717 අංකය අමතා හෝ www.sltmobitel.lk වෙත පිවිසී, තම තොරතුරු ලබා දී අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ හැකි අතර, රවුටරය හා සම්බන්ධතාව පාරිභෝගිකයා වෙතටම පැමිණ ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. මේ සඳහා කිසිදු ආකාරයට ඩිලිවරි ගාස්තුවක් අය නොකෙරේ. මෙම සේවාවේ අමතර අංගයක් ලෙස, පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් නව ජංගම දුරකතන සම්බන්ධතා මෙන්ම, තමන් සතුව පවතින සිම් පත වෙනුවට නව සිම් පතක් ඉල්ලා සිටීමටද අවස්ථාව ලබාදී ඇත. ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තවත් මෙවැනි නිර්මාණශීලී සේවාවන් රැසක් හඳුන්වා දීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.