මාස දෙකකට වැඩි කාලයක් පුරා නිවසේ කාලය ගතකරන කුඩා දරුදැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු කරගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය හරහා එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ.
ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහිකිරීමට කැපවුණු ‘CBL සමපෝෂ’ සෑමවිටම මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය තම ප්‍රමුඛ වගකීමක් කොට සලකන අතර, මෙම ඩිජිටල් වැඩසටහන එළිදැක්වුණේ කොවිඞ්-19 වසංගතය හමුවේ දරුවන්ගේ දැනුම වර්ධනය හා පෝෂණය පිළිබඳ නිරන්තර අවධානයක් දක්වන දෙමාපියන්ට සහායක් වීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. ඒ අනුව මෙතෙක් කල් පාසලට, පෙර පාසලට ගමන්ගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන, සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා නිවසේදීම කුඩා දරුවන්ගේ අධ්‍යාපනික හා විනෝද ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන්ට මඟපෙන්වනු ඇත.
තවද දෙමාපියන්ට ළමුන්ගේ වත්මන් මානසික ස්වභාවය වටහා ගැන්මට සහාය වෙමින් ජාත්‍යන්තර කීර්තිය දිනූ ළමා මනෝවිද්‍යාඥවරියකද මෙම ඩිජිටල් වැඩසටහන හා එක්ව සිටින්නීය. දරුවන් නිවසට වී ගෙවන කාලය ඵලදායීව ගතකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඇය එහිදී විද්‍යාත්මක පදනමකින් අදහස් ඉදිරිපත් කරයි.











