ක්‍රිකට් ලෝක කුසලානය 2011 වසරේදී මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය බරපතළ එකක් බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත්, එවැනි විමර්ශනයකදී තමන්ද රහස් හෙළි කිරීමට සූදානම් බවත් එවකට හිටපු ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සදහන් කරයි.
” හිටපු ක්‍රීඩා ඇමතිවරයාට මේ ගැන කියන්න අවුරුදු 09ක් ගියා කියන එකයි පුදුම. ඔය ගැන තියෙන සාක්ෂි ගෙනහින් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයට දෙන්න ඕන. කොහොමත් මම හිතා ගත්තා අදින් පස්සේ මම කටවහගෙන ඉන්නේ නැහැ කියලා. අවසන් මහ තරගය පැවතුනේ ඉන්දියාවේ. මේ චෝදනාව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉන්දියාවේ රජයෙන් වගේම කියලා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා…” යනුවෙන් සිල්වා මහතා කීය.










