AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත ‘ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්’ වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත් අභිමානයෙන් සමරයි.
මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණ සිදුකරන්නා වූ, එක්සත් රාජාධානියේ ප්‍රබල සන්නිවේදන ආයතනයක් වන මෙම සමාගම, ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ විස්තරාත්මක තක්සේරු කිරීමක් කරන ලදී.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට මෙවන් සම්මානයකට හිමිකම් කීමට විශේෂ හේතු සාධක රැසක් පවතියි.
ඒ අතරින් AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රතිශතය හිමි ජීවිත රක්ෂකයා වීමත්, එබැවින් අවදානම් තත්ත්වයන් සහ අර්බුදකාරී අවස්ථාවන් සඳහා ඉතා හොඳින් මුහුණ දීමේ අසමසම ශක්තියත් හැකියාවත් AIA සතුව තිබීම හැඳින්විය හැකිය.











