ACHS හෙවත් Australian Council for Healthcare Standards International ප්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය පසුගිය දෙසැම්බර් 13 වැනිදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත කාණ්ඩයේ සහ සුව සේවා අංශයේ රන් සම්මාන දිනා ගනිමින් තවත් සම්මානනීය සාර්ථක වසරක් අවසන් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් වසර පුරා තම ක්ෂේත්‍රයන්හි ඉහළම සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් වූ ආයතනයන්හි උත්සාහයන් ඇගයීමට ලක්කරනු ලබයි.