හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් වයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ කොවිඞ්-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. රජයටත්, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවටත්, සමස්ත ජනතාවටත් මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් එම සති පහක කාලය තුළ සියලුම මෙහෙයුම් පිරිවැය හේමාස් සමූහය සහ ඩොල්ෆින් හෝටලය විසින් දරන ලදී.
ඩොල්ෆින් ක්ලබ් හෝටලය මාර්තු මස 30 වනදා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස බාර දුන් අවස්ථාවේ සිට මේ දක්වා එහි 200 කට අධික පිරිසක් නිරෝධායනය වී ඇත.
“ඩොල්ෆින් හෝටලය තුළ පසුගිය මාසය පුරාම කිසිඳුඅය කිරීමකින් තොරව වෛද්‍ය ක්ෂේත්‍රයේ, හමුදාවල සහ තවත් ආයතනවල අයවලුන් නිරෝධායනය කිරීමට ලක්කෙරුණා. එයාකාරයෙන් පටන් ගත් ගමනට දැන් තවත් හෝටල් සංකීර්ණ සහ වෙනත් ආයතන මේ නිරෝධායනයට සම්බන්ධ වෙනවා. නමුත් අප සෞඛ්‍ය බලධාරීන් යොදවා හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර වෙනත් ආගන්තුකයන් හෝටල් පරිශ්‍රයේ නොසිටින බවට අප තහවුරු කරනවා” යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.











