• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹින් අල්ලගෙන ගිය කුඩුකාරයන්ට හමුදාව ගල්කන්දේදී කරපු දෙයක්

May 17, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹින් අල්ලගෙන ගිය කුඩුකාරයන්ට හමුදාව ගල්කන්දේදී කරපු දෙයක්
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන වසංගතයක් බවට පත්වූයේ එරටින් වාර්තා වූ 31 වැනි ආසාදිත රෝගියාගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙනි. 61 හැවිරිදි කාන්තාවක් වූ ඇය කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් දේවමෙහෙයකට සහභාගී වී ඇති අතර එම දේවමෙහෙයට සහභාගී වු නවදහසක් පමණ පිරිසෙන් තුන්දහසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි. මෙරටින් වාර්තා වූ 206 වැනි රෝගියාද එවැන්නෙකි. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවී සිටි ඔහු අප්‍රේල් මස 5 වැනිදා රාත්‍රියේ පමුණුගම පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ දී සොරකමකට සැකපිට ගම්මුන් විසින් අල්ලා පොලීසියට භාරදී තිබුණි. ඉන්පසු පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන පමුණුගම පොලිසියට රැගෙන ගිය අවස්ථාවේදී මොහුට යම් යම් රෝගී තත්ත්වයන් පෙන්නුම් කළ නිසාවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොහු කොවිඞ් පොසිටිව් බවට අනාවරණය වී තිබුණි.
මේ නිසා පමුණුගම පොලිසිය විෂබීජහරණය කරන්නට සිදු වූ අතර සුදුවැල්ල ප්‍රදේශයේ මොහු ළඟින්ම ඇසුරු කළ 108 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යන ලදී. එසේම සුදුවැල්ල ගම හුදෙකලා කරන්නට පවා සිදුවිණි. එසේම මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් දෑලතුර ප්‍රදේශයේ පවුල් 12ක් නිරෝධායනය කිරීමට සිදුවිණි. එසේම පොලිසියෙදි ඔහු බාරගත්ත සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනය කරන්නටත් සිදුවිණි. එසේම නාවික හමුදා සාමාජිකයින්ට මේ වෛරසය පැතිරෙන්නට ඇත්තේද අදාළ 206 වැනි රෝගියාගෙන් බවට විශ්වාසයක් පවතී. දකුණු කොරියාවේ 31 වැනි රෝගී කාන්තාව එරටට අත්කළ ඉරණම මේ 206 වෙනි රෝගියා මෙරටට අත්කරදී විශාල විනාශයකට මඟපෑදීය. මෙරට කොරෝනා රෝගීන් ඉහළ යාම ආරම්භ වූයේ 206 වැනි රෝගියා විසින් ඇති කරනු ලැබූ කොරෝනා ආසාදිත පොකුරු නිසාවෙනි.
මේ ආසාදිත පොකුරෙහි ප්‍රබලත්වය කොතෙක්දයත් අප්‍රේල් 08 වැනිදා වන විට 206 රෝගියාගේ සමීපතමයින් 28 දෙනෙකුත් , අප්‍රියෙල් 11 වන විට තවත් විසිදෙනෙකුත් ඇතුළුව දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නටත්, සුදුවැල්ල ඇතුළු ගම්මාන කීපයක් හුදෙකලා කරන්නටත් සිදුවිය. එසේම නාගලගම්වීදිය සහ ගුණසිංහපුර ප්‍රදේශවලින් පුද්ගලයින් සීයයක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නට සිදුවූයේද 206 රෝගියාගේ හැසිරීම හේතුකොටගෙනය. මෙහිදී සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පිරිස අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පිරිසක් ඇතුළත් විය.

එසේම කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා සමඟින් සෘජු සහ වක්‍ර සම්බන්ධතා පැවැත්වූ ගුණසිංහපුර, තොටළඟ සහ ග්‍රෑන්ඞ්පාස් යන ප්‍රදේශවලින් 118ක කණ්ඩායමක්ද නිරෝධායනය සඳහා යොමුකෙරුණු අතර ඉන් කාන්තාවන් දෙදෙනෙකු සහ පුරුෂයින් 12 දෙනෙකු ඇතුළුව 27 දෙනෙකු අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි අයවලුන් විය.
අදාළ පිරිසේ කාන්තාවන් දෙදෙනා එදින රාත්‍රිය ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ ගත කළේ උමතුවෙන් මෙනි. කෙසේ හෝ මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඔවුන් නොගත් උත්සාහයක් නැත. මොවුන් දෙදෙනා රඳවා සිටි භට නිවාසය තුළ ඔවුන් පිස්සු නැටුවා යැයි කීවොත් නිවැරදිය. එම භට නිවාසයේ රඳවා සිටි ළමුන්ට පහර දෙමින් භට නිවාසයේ බඩුබාහිරාදිය විනාශ කරමින් ඔවුන් කටයුතු කළ ආකාරය ඉතාම අශික්ෂිත විය. මේ කාන්තාවන් දෙදෙනා ඉන් නොනැවතී පිරිමි පාර්ශ්වය රඳවා සිටි භට නිවාස සහ නානකාමර වෙත යාම නිසාත්, පිරිමි භට නිවාසවල රඳවාසිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි අයවලුන් කාන්තා භට නිවාස වෙත පැමිණීමත් සමඟම තත්ත්වය තවත් බැරෑරුම් විය. මේ නිසා භට නිවාසවල රැඳී සිටි පිරිමි පාර්ශවයන් අතර ගැටුම් ඇතිවීම නිසා පිරිස පාලනය කිරීමට විශාල පරිශ්මයක් දැරීමට යුද්ධ හමුදා සෙබළුන්ට සිදුවිය. මෙහි බැරෑරුම් තත්ත්වය වන්නේ ඒ ගැටුම් පාලනය කිරීමට ගිය යුද්ධ හමුදා සෙබළුන්ට ආරක්ෂිත ඇඳුම් පැලඳුම් පැලඳගෙන සෞඛ්‍යාරක්ෂිතව ඒ කටයුත්තට මැදිහත් වීමට තිබූ නොහැකියාවයි. එලෙස සෞඛ්‍යාරක්ෂිතභාවය සලකා කටයුතු කිරීම ප්‍රායෝගිකව සාර්ථක නොවන්නේ ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්ව ඊට ඉදිරිපත් වීමට සිදුවීමයි.
කෙසේවෙතත් එදින රාත්‍රිය වන විට අදාළ පිරිසේ අසාමාන්‍ය හැසිරීම් රටා තවදුරටත් වර්ධනය වූ නිසාවෙනුත්, ඔවුන් අසහනකාරී අයුරින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට අවශ්‍ය බව පවසමින් කලහකාරී අයුරින් කටයුතු කිරීමත් හේතුවෙන් පිරිස අතර සිටි විසිහත්දෙනෙකුට වේදනා නාශක සහ නිද්‍රාජනක ඖෂධ සුළු මාත්‍රාවක් ලබා දීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. එසේම පසුදින ඔවුන් තම උදෑසන ආහාරය පවා ප්‍රතික්ෂේප කළ අතර ඇතැමුන් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරුවතින් එහා මෙහා ඇවිදිමින් කලහකාරී ලෙස කටයුතු කරන්නට විය. එසේම ගිලින පෙති භාවිතයෙන් ඔවුන්ගේ අසීරුතාව මඟනොහැරෙන බවත්, ඖෂධ එන්නත් කිරීමෙන් පමණක් තම අවශ්‍යතාවන් සම්පූර්ණ වන බවත් පවසමින් දිගින් දිගටම නිරෝධායන කටයුතුවලට බාධාකරමින් හැසිරෙන්නට විය.

එසේම ඉන් නොනැවතුණු මෙම පිරිසෙන් කාන්තාවක් සහ පිරිමි පස්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බවට වාර්තා වූ අතර පසුව යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සෙබළුන් කළ පරීක්ෂාවකදී අදාළ පිරිස ගල්කන්ද වැවට බැස සැඟවී සිටියදී සොයා ගැනීමට හැකිවිය. ඒ අවස්ථාවේදී කලහකාරීව හැසිරුණු තවත් දසදෙනෙකුට අත්මාංචු යොදා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා සෙබළ පිරිසක් යොදවන්නටත් සිදුවිණි. එසේ පිරිසකට අත්මාංචු පවා යොදවා තිබුණද අදාළ කාන්තාවන් දෙදෙනා එදින රාත්‍රියේදීද භට නිවාසය තුළ ඇවිදිමින් සිටිනු දක්නට ලැබිණි.
කෙසේ වෙතත් මේ පිරිස අප්‍රේල් 18 වැනිදා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කර්නල් ආර්.එම්. මොණරාගල වෙත යොමුකෙරුණු අතර ඉන් අනතුරුව අදාළ පිරිසට ලබාදුන් එන්නත් මාත්‍රාව තවදුරටත් වැඩිකිරීමටත්, අධික ලෙසම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ට ඖෂධ එන්නත් කිරීමටත් නිර්දේශ කෙරුණි. ආරම්භයේදී දිනකට තුන්වතාවක් ඔවුන්ට ඖෂධ එන්නත් කෙරුණු අතර ක්‍රමක්‍රමයෙන් ඔවුන් බහුතරයකගේ හැසිරීම් සාමාන්‍ය අතට හැරුණු අතර කීපදෙනෙක් පමණක් තවදුරටත් කලහකාරීව හැසිරෙමිනුත්, සාමාන්‍යය ආහාර ප්‍රතික්ෂේප කරමින් තමන්ට අධීක පැණිරසෙන් යුතු ආහාර පමණක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටීය.
ඒ වන විටත් කාන්තාවන් දෙදෙනාගේ කලහකාරී සහ අසාමාන්‍ය හැසිරීම් සමනය නොවූ නිසා ඔවුන් අංගොඩ පිහිටි මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත පිටත් කර හැරීමට තීරණය කරන ලද අතර ඉතිරි පිරිස කඳවුරෙන් පැනයාම වැළැක්වීමටත්, අනෙක් භට නිවාසවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දුගේ උපදෙස් මත ශ්‍රීලංකා පාබල හමුදාවේ 15 වැනි බළඇණියේ නිලධාරියෙකු සහ තවත් විසිදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොදවන්නටත් කටයුතු කරන ලදී.
කෙසේවෙතත් අප්‍රේල් විසිවැන ිදින වන විට ඔවුන් වෙත උපරිම මාත්‍රාවෙන් ඖෂධ ලබාදුන් අතර පිරිසගේ කලහකාරී හැසිරීම් ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත් අතර ඔවුන්ගේ ඉල්ලීම් පරිදි කැරම් බෝඞ්, දාම්බෝඞ්, ක්‍රිකට් පිති සහ ක්‍රිකට් බෝල ලබා දීමට යුද්ධ හමුදාව කටයුතු කළ අතර අදාළ පිරිසෙන් විසිදෙනෙකු පමණ ඒත් සමඟ සාමාන්‍ය ආහාර ලබා ගනිමින් කල්ගෙවන්නට වූ අතර තවත් පස්දෙනෙකු පමණ බිස්කට් පමණක් ආහාරයට ගනිමින් දවස ගෙවන්නට විය.
ඒ ලෙස තවදුරටත් අසාමාන්‍ය්‍ය හැසිරීම් පෙන්නුම් කළ පිරිස අතරින් අයෙකු අප්‍රේල් 21 වැනිදා වතුර උණුකිරීමට ලබා දී තිබූ හීටරයක කොටස් ගලවා අලෙවි කිරීමට උත්සාහ දරද්දීත්, තවත් අයෙකු සැටලයිට් ඇන්ටෙනාවක් කොටස්වලට ගලවා අලෙවි කරන්නට සූදානම් කරද්දීත්, තවත් අයෙකු හාතාවාරිය සහ ඉරමුසු කොළ එකතුකර වියළමින් සිටියදීත් යුද්ධ හමුදා සෙබළුන් විසින් සොයා ගන්නා ලදී.
අප්‍රේල් මස 27 වැනිදා පමණ වන විට ක්‍රමක්‍රමයෙන් අදාළ පිරිසද සාමාන්‍ය ඇවතුම් පැවතුම්වලට හුරුවෙමින් සිටි අතර ඒ වන විට ඔවුන්ට ලබා දුන් නිද්‍රාජනක ඖෂධ සහ වේදනා නාශක ඖෂධ මාත්‍රාව ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමටද පියවර ගෙන තිබුණු අතර අප්‍රියෙල් 29 වැනි දින එම පිරිස සඳහා පමණක් ජෛව සාම්පල පරීක්ෂාවක් සිදුකළ අතර ඒ වන විට ඔවුන්ගේ කලහකාරී හැසිරීම්වලින් ඉවත් වී කණ්ඩායම් වශයෙන් කටයුතු කළ අතර ඉන් පසුව ඔවුන් සියලු දෙනා මැයි මස 5 වැනිදා පොළොන්නරුව ගරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් මාස 08ක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියෝග කරන ලදී. මොවුන් අතරින් එක් අයෙකු බන්ධනාගාර රෝහලටත් අනෙක් විසිහතර දෙනා කන්දකාඩු පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් ඇතුළත් කරන ලදී.
අදාළ පිරිස් නිරෝධායන කටයුතුවලට යොමුකළ පසු ඔවුන් පිළිබඳ අධීක්ෂණය කරමින් කටයුතු කරනු ලැබූ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කර්නල් ආර්.එම්. මොණරාගල මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
මොවුන් දිගුකාලීනව අධික මාත්‍රාවෙන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිසක්. එකපාරට මේ අය මත්ද්‍රව්‍ය භාවිතය නවත්වපු ගමන් මලපහ පිටකිරීම, වමනය, කලහකාරී හැසිරීම, කෑම අරුචිය, අධික කායික වේදනාව, නින්ද නොමැතිවීම වගේ විරමණ ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාවලදී ඔවුන් පාලනය කරන්න අපිට හමුදා සාමාජිකයින්ව යොදවන්න සිදුවුණා. ඒක ඉතා අභියෝගාත්මක සහ අවදානම්සහගත වැඩක්. මොකද ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කාටහරි කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා නම් ඒ මැදිහත්වීම් සමඟ අපේ සෙබළුන්ටත් වෛරසය ආසාදනය වෙනවා. ඒහෙම උනානම් ඒක ලොකු ගැටලුවක්. නමුත් අපේ සෙබළු ඒ අවදානම නොතකා අවශ්‍ය අවස්ථාවල මැදිහත්වීම් සිදුකළා. ඒ වගේම මේ පිරිස දිගුකාලීන මත්ද්‍රව්‍ය භාවිතය නිසා දැඩි මානසික ව්‍යාකූලත්වයකින් හිටියේ. අපි ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකාර කළා. ඇතැම් අය අංගොඩ මානසික රෝග වෛද්‍යායතනය වෙත යොමුකරන්නත් කටයුතු කළා. මෙතනදි වැදගත්ම දේ තමයි අපේ සෙබළුන් තමන්ගේ විනය ආරක්ෂා කරගෙන මේ කාටවත් කායික හානි නොවන ආකාරයට කටයුතු කිරීම. මොකද ඒ වෙද්දි අපේ සෙබළුත් හිටියේ පීඩනයකින්. මොකද ඔවුන් දිගුකාලයකින් නිවාඩු ලබාගෙන තිබුණේ නෑ. නමුත් කිසිම හිංසනයකින් තොරව මේ පිරිස පාලනය කරගන්න අපේ සෙබළුන් කටයුතු කරපු ආකාරය ප්‍රසංශනීයයි. මොකද මෙතනදි කළේ නිරෝධායන කාර්යයට එහා ගියපු බැරෑරුම් වගකීමක් සහිත කටයුත්තක්. ඒ වගකීම අපේ වීරෝදාර රණවිරුවන් කිසිදු අඩුපාඩුවකින් තොරව ඉටුකළා.
විශේෂයෙන්ම කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඔවුන්ගේ පුනරුත්ථාපන කාලය අවසන් වූ පසුත් මේ අයවලුන් ගැන අවධානයෙන් සිටිනවා. ඒ වගේම තමයි සාමාන්‍ය නිරෝධායන කාර්යයෙන් ඔබ්බට ගිහින් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පිරිස් නිසි මඟට ගැනීමට විශේෂ කාර්යයක් ඉටුකරපු සියලුම දෙනාට ස්තූතිවන්ත විය යුතුයි. යුද්ධ හමුදාධිපතිතුමා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානාධිපති කර්නල් චමින්ද පැස්කුවල්, මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ වීරෝදාර රණවිරුවන් මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය රටක් වශයෙන් අගය කළ යුතුයි. ඒ වගේම මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පිරිස නිරෝධායනයෙන් අනතුරුව පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමේ අවශ්‍යතාවය නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මේ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව යුද්ධ හමුදාපතිතුමා ලබා දුන් උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට 233 බළසේනාධිපති බි්‍රගේඩියර් රාජිත ඇල්විටිගල මහතා දැක්වූ උනන්දුව විෂයෙන් සඳහන් කළ යුතුයි යැයි පැවසීය.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

හේමාස් ඩොල්ෆින් හෝටල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පස්වන සතිය සපුරයි

Next Post

මධූෂ් ළඟදීම එළියට EXCLUSIVE

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.