2020 අගෝස්තු 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ සභාපතිවරයා (විධායක නොවන, ස්වාධීන නොවන) ලෙස පත්වෙන ලදී. 2020 අගෝස්තු 27 වැනි දින පැවැත්වුණු රැස්වීමකදී සම්පත් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම පත්කිරීමට අදාළ යෝජනාව සම්මත කරනු ලැබීය.
ජනාධිපති නීතිඥයකු සහ මෙරට නීති ක්ෂේත්රයේ ප්‍රවීණ වෘත්තිකයකු වන හර්ෂ අමරසේකර මහතා මුල් අවස්ථා අධිකරණ සහ අභියාචනා අධිකරණයන්හිද පුළුල් අත්දැකීම් ලැබූ අයෙකි. වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, සුරැකුම්පත් නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය පිළිබඳව විශේෂඥයෙක් වන ඒ මහතා බේරුම්කරණය සහ ජාතික වශයෙන් පවතින අර්බුද යනාදී අංශයන්හිද සුවිශේෂී පළපුරුද්දක් ඇත්තෙකි.
1987 වසරේ නීතීඥයකු ලෙස පත්වූ ඒ මහතා 2012 වසරේදී ජනාධිපති නීතීඥයකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.
ආයතනික අංශයේ අත්දැකීම් රැසක් සමඟින් හර්ෂ අමරසේකර මහතා මේ වන විට ක්‍ෂක් හෝල්ඩින්ග්ස් පීඑල්සී (සභාපති), ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී (සභාපති), වැලිබල් පවර් එරත්න පීඑල්සී (නියෝජ්‍ය සභාපති), වැලිබල් වන් පීඑල්සී, එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පීඑල්සී, ෂෙව්රෝන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, ඇම්බියන් කැපිටල් පීඑල්සී සහ අමායා ලෙෂර් පීඑල්සී ඇතුළු කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කර ඇති ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක ස්වාධීන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඒ මහතා ක්‍ෂක් ඇග්රි බිස්නස් (පුද්) සමාගම සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඞ්හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර අමානා බෑන්ක් පීඑල්සීහි සමාරම්භයේ සිට මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම යන තෙක් අධ්යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇත.











