සෙලින්කෝ ලයිෆ් සමාගමේ නවතම ෆැමිලි සවාරි වැඩසටහන යටතේ මෙරට සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 2,600කට අධික පිරිසක් 2020 වසර එළඹෙද්දී නව ජයග්‍රාහකයන් බවට පත්වූ අතර මොවුන්ට 2020 වසරේදී විදේශීය සහ දේශීය විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
මේ අනුව, අම්බලන්ගොඩ, කොළඹ උතුර (පවුල් දෙකක්), නාත්තන්ඩිය සහ නෙල්ලිඅඩි ප්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 05ක සාමාජිකයන් සියලුම වියදම් සහිතව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් වෙත සංචාරය කිරීමේ අවස්ථාව සුපිරි ත්‍යාගය ලෙස ජයග්‍රහණය කළේය. මේ අතර, සමාගමේ තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් 50ක සාමාජිකයන්ට සිංගප්පූරුවේ සංචාරය කිරීමේ අවස්ථාවද, රක්ෂණ ඔප්පුහිමි පවුල් 100ක සාමාජිකයන්ට තරු පන්තියේ හෝටලයක රාත්‍රී නවාතැන් ගනිමින් මහනුවරට දුම්රියෙන් සංචාරය කිරීමේ අවස්ථාව සහ රක්ෂණ ඔප්පුහිමි පවුල් 500ක සාමාජිකයන්ට ලෙෂර් වර්ල්ඞ් උද්‍යානයේ දිනක් පුරා විනෝදවීමේ අවස්ථාව උදාකර දෙන ලදී.