කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පනවා තිබෙන විදේශ ගමන් සීමාවන් නිසා සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට නවතම අත්දැකීමක් ලබාදෙමින් රුපියල් මිලියන 30ක් වටිනා රත්තරන් ලබාදීමට කටයුතු යොදා ඇත.
සාමාන්‍යයෙන් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් ලබාදෙන විදේශ සංචාර සහ දේශීය සංචාර වෙනුවට මෙවර මේ ආකාරයෙන් රත්තරන් දිනාගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බව මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. මෙම රත්තරන් ජයග්‍රහණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුව හෝ විශ්‍රාමික සැලසුම ක්‍රියාකාරීව පවත්වා ගන්නා රක්ෂණ ඔප්පුහිමියන් 600කට වැඩි සංඛ්‍යාවක් සුදුසුකම් ලබන බව සමාගම පවසයි.
කොවිඞ්-19 වසංගත තත්ත්වය දෛනික ජීවිතයේ බොහෝ අංශවලට බාධා ඇතිකර තිබෙන අවස්ථාවක පවත්වන මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී සමාගම විසින් මාස දෙකකට වරක් දිනුම් ඇදීමක් පවත්වමින් වසරක් තුළ දිනුම් ඇදීම් හයක් පවත්වනු ඇත. මෙහිදී එක් දිනුම් ඇදීමකදී සුපිරි ජයග්රාහකයාට රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගැනීමට අවස්ථාව හිමිවන අතර අනිකුත් ජයග්‍රාහකයින් 99 දෙනා අතර රුපියල් මිලියන 04ක් වටිනා රත්තරන් බෙදා දෙනු ලැබේ.











