සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය බැංකු රක්ෂණ සේවා අංශයේ උන්නතිය වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය ඇගයීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන LOLC සමාගම විසින් සංවිධානය කරන ලද ‘සෙලාන් – LOLC බැංකු රක්ෂණ ප්‍රණාම රාත්‍රිය’ පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා සහ LOLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා ප්‍රමුඛව, සමාගමේ දෙකේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
සෙලාන් බැංකුව සහ LOLC සමාගම අතර පවතින සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින්, බැංකු රක්ෂණ සේවා අංශය අඛණ්ඩව දියුණු කිරීමේ අරමුණ මූලික කරගෙන මෙම උත්සවය සංවිධානය කරන ලදී.