මෙරට පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස සිය නාමය තවදුරටත් තහවුරු කරමින් සෙලාන් බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් පෙළ පුළුල් කිරීමේ අරමුණින් සුවිශේෂී සෙලාන් වර්ල්ඞ් මාස්ටර්කාඞ් ක්‍රෙඩිට් කාඞ්පත හඳුන්වා දුන්නේය.
සෙලාන් ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඞ්පත් අත්දැකීම හරහා පාරිභෝගිකයන් හට පුළුල් පරාසයක විහිදුණු 800කට අධික වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රමාණයකින් සුඛෝපභෝගී සේවාවක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාකර ඇත. සාප්පු සවාරි ලෝලීන් හට දැන් කීර්තිමත් හවුල්කරුවන් රැසකගෙන් එම සුවිශේෂී අත්දැකීම හිමිකර ගත හැකි අතර කීල්ස් සුපර් වෙතින් සති අන්තයේ රු. 3000කට වැඩි මිලදී ගැනීමක් සඳහා 20%ක වට්ටමද, සෙලාන් ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඞ්පතෙන් ඉන්ධන මිලදී ගැනීමේදී සෑම මසකම 1%ක මුදල් ආපසු ලබාදීමද එම දීමනා අතර වේ.
මෙම සුවිශේෂී ප්‍රතිලාභවලට අමතරව, ලෝයල්ටි ලකුණු මගින් මුදල් ආපසු ලබාදීමේ ක්‍රමවේදය සහිත වර්ල්ඞ් මාස්ටර්කාඞ් පතක් හඳුන්වා දුන් එකම බැංකුවද සෙලාන් බැංකුවයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂිත නිෂ්පාදන සහ සේවා හිමිකර ගැනීම සඳහා පාරිභෝගිකයන් තුළ පවතින අවශ්‍යතාව සපුරාලීමට සෙලාන් බැංකුව වර්ල්ඞ් මාස්ටර්කාඞ් ක්‍රෙඩිට් කාඞ්පත සමගින් හිමිකර දෙන දීමනා තවදුරටත් පුළුල් කර ඇත. ගෝලීය ගුවන් තොටුපොළ භාරකාර සේවාව, ‘Boingo Wifi’ සේවාව, සුවිශේෂී ගමනාන්ත LIMO සේවා, Lounge Key වැඩසටහනට සහභාගි වීමේ අවස්ථාව, ගෝලීය වෛද්‍ය සේවා සඳහා ප්‍රවේශය, සුවිශේෂී ගොල්ෆ් අත්දැකීම්, ආකර්ෂණීය ගමන් රක්ෂණාවරණ ආදී ප්‍රතිලාභ රැසක් මෙමගින් හිමිකර ගැනීමට කාඞ්පත් හිමියන්ට හැකිවේ.











