සෙලාන් බැංකුව පසුගියදා භ්එසදබ්ක National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසල්වලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඞ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව හිමිවේ.
මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස්, මෙම ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනුවෙන් ගෙවීම් භාරගන්නා ප්‍රථම සමාගම බවට පත්විය. ඉදිරියේදී ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දේශීය බැංකු මගින් නිකුත් කරන ලද LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම දෙකම සඳහන් කාඞ්පත් මගින් මෙන්ම ජාත්‍යන්තර JCB කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන පරිදි සිය POS සහ mPOS ජාලය පුළුල් කිරීමට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව මේ වනවිට නවීනතම තාක්ෂණයන් භාවිතයට ගනිමින්, ගනුදෙනුකරුවන්ට මුදල් භාවිතයෙන් තොරව, සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදෙමින් සිටී. එහි තවත් පියවරක් වන මෙම සේවාවේදී භාවිත වන NCS කාඞ්පත්, චිප් එකක් පදනම් කරගත් EMV ක්‍රමවේදයක් මගින් සුරක්ෂිත වන නිසා, කාඞ්පත් සම්බන්ධ වංචාවල ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ ඉතාමත් අවමය.
ජපානයෙන් ආරම්භ වූ එකම ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමය වන JCB මේ වන විට ලොව පුරා පාරිභෝගිකයන්ට නවතම පහසුකම් හා සේවාවන් සලසමින් ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතී. එමෙන්ම එය ලෝක මට්ටමින් ඒකාබද්ධව සේවා සැලසීමේ සහ සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් සලසා දෙන EMVCoහි සාමාජිකත්වය ලබා ඇති ජාත්‍යන්තර කාඞ්පත් සේවාවන් හයෙන් එකක්ද වේ. දැනට රටවල් 24කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන එම සේවාව සමග සම්බන්ධ වී ඇති පාරිභෝගිකයන් ගණන මිලියන 130 ඉක්මවයි. මෙම නව හවුල්කාරීත්වය මගින් JCB කාඞ්පත් හිමියන්ට සෙලාන් බැංකුවේ POS සහ mPOS සේවා සහිත අලෙවිසල්වලදී රු. 15,000/- ක් දක්වා ගෙවීම් ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ වනවිට සෙලාන් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් වර්ග රැසක් හඳුන්වා දී ඇති අතර ඒවා මගින් කාඞ්පත් හිමියන්ට සංචාරක සේවා, ආහාරපාන, ආභරණ, සෞඛ්‍ය සේවා, ගෘහෝපකරණ සහ තවත් බොහෝ දෑ සඳහා සුවිශේෂී ඉතුරුම් හිමිවේ.