එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ වේදිකාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොඩවන්නේ නම් මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බව රංගේ බණ්ඩාර සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් අගමැතිවරයා හට දැනුම් දීමක් කර ඇත.
ඊයේ (01) දිනයේදී එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ සහාය ලබා ගැනීම සදහා සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව රංගේ සහ ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් මේ බව දැනුම් දී ඇත.
මේ දෙදෙනාට අමතරව අද (02) දිනයේදී තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දුරකතන මගින් මේ බව අගමැතිවරයා වෙත දැනුම් දීමටද කටයුතු කොට තිබේ.
අවසන් වරට සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රංගේ බණ්ඩාර හා සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස අගමැතිවරයා ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණද විවිධ පෞද්ගලික හේතු මත ජනාධිපතිවරයා එම පත්වීම් නොකර සිටීම විශේෂ සිදුවීමක් විය.