සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය විවෘත කිරීම කොළඹ නගරයේ නවතම සුවිශේෂී සාප්පු සංකීර්ණය වන Shangri-La සමූහයට අයත් One Galle Faceහිදී එම සංකීර්ණය විවෘත කිරීමේ සමාරම්භක උළෙලට සමගාමීව පසුගිය නොවැම්බර් 08 වන දින සිදුකෙරිණි. දේශීය හා ජාත්‍යන්තර සමාගම් වෙළෙඳ සන්නාම රාශියක අලෙවිසල් සහිතOne Galle Face සාප්පු සංකීර්ණය දෙස්, විදෙස් පාරිභෝගිකයන්ගේ මන බැඳගන්නා සාප්පු සංකීර්ණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වසරේ සෑම දිනකම විසි හතර පැය පුරාවටම තම බැංකු සේවා පහසුවෙන් ඉටුකරගැනීමට සාප්පු සංකීර්ණය තුළ ස්ථාපිත ATM යන්ත්‍රය මඟින් අවස්ථාව සැලසේ. Lankapay ජාලය හා සම්බන්ධ මෙම යන්ත්‍රය තුළින් Visa, Mastercard සහ China UnionPay (CUP) කාඞ්පත් භාවිත කිරීමේ පහසුව සලසා දී තිබීම, සාප්පු සවාරියේ යෙදෙන දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශිකයන්ටද ඉමහත් පහසුවක් වනු ඇත. සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා විසින් “One Galle Face”හි නවතම ATM යන්ත්‍රය විවෘත කරන ලදී. මේ වනවිට තම ATM ජාලය මෙන්ම සමස්තයක් ලෙස තම ඩිජිටල් සේවාවන් සියල්ල තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දැනටමත් රට පුරා ශාඛා 172ක් සහ ATM යන්ත්‍ර 215ක් ස්ථාපිත කර තිබේ.