සෙලාන් බැංකුව මෑතකදී කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ‘දියුණුවට සවියක්’ නමින් විශේෂ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. විශේෂයෙන්ම අපනයන ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩමුළුව කටුනායක ‘ෆුල් මූන් ගාඞ්න්’ හෝටලයේදී පැවැත්විණි.
කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයෙන් මෙරට ආර්ථිකයට ලැබෙනුයේ සුවිශාල දායකත්වයකි. එම ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන, නිර්මාණශීලී ව්‍යාපාරික අදහස් ඇති පුද්ගලයන්ට නිසි අත්වැලක් හිමිවන්නේ නම් ඔවුන්ට එම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් දියුණුවෙන් දියුණුව කරා යා හැකි වනු ඇත.
සංවාදශීලී වැඩමුළුවක් වූ ‘දියුණුවට සවියක්’ වැඩමුළුවේදී සෙලාන් බැංකුවේ නිලධාරීන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්වී මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ක්ෂේත්රය මුහුණ දෙන ගැටලු, එහි අනාගත දියුණුව සඳහා ඇති අවස්ථා සහ ඒ සඳහා සෙලාන් බැංකුව වෙතින් ලබාගත හැකි සේවාවන් වැනි මාතෘකා පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ.











