දෙමළ ජාතික සන්ධානය අද (01) දිනයේදී සිය මහමැතිවරණ ප්‍රචාරක ජන්ද සටන ආරම්භ කරමින් යාපනයේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතය.
යාපනව වීරසිංහම් ශාලාවේ පැවැත්වෙන මෙම රැස්වීම එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ආමන්ත්‍රණය කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් හිටපු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලයේ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සුරේන් රාඝවන් මහතා මෙවර මහමැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදීමට කළ ඉල්ලීම එම සන්ධානය ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී දෙමළ ජාති සන්ධානය සුරේන් රාඝවන්ට දැනුම් දී ඇත්තේ දැනටමත් තම සන්ධානය අපේක්ෂකයන් පිළිබදව අවසන් එකගතාවකට පැමිණ ඇති බවකි.










